මේ පිළිබදවද සන්දේශය භාරදීමට පැමිණි මහ සංඝරත්නය ප්‍රමුඛ ගොවි නියෝජිතයින් දැනුවත් කිරීමට දිස්ත්‍රික් ලේකම් හේලන් මීගස්මුල්ල මහත්මිය කටයුතු කළ අතර එළවළු වගාකරන ගොවියන්ටත් රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය ලබාදෙන ලෙස රජයේ වගකිවයුතු අංශ වෙත ඉල්ලිම් කරණ බව පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු රැස්වීමේදී වී ගොවියන් සදහා රජයෙන් ලබාදෙන සහානාධාර පොහොර වෙනුවට මුදල් ලබාදීමේදි වස විස නොමැති ගොවි බිමක් සකසා ගැනීමට හැකියාව ලැබිම හා ඒ අයුරින්ම පොහොර යෙදීමට සරිලන මුදලක් ගොවීන්ට ලබා දීම සිදුවන බවද අනාවරණය විය.
AP/DMU-Nuwaraeliya