නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඌව රන්සළු - 2015"

    මාර්තු 09, 2016
      ̔ඌව රන්සළු - 2015 ̕  ඌව පළාත් පේෂ කර්මාන්ත නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය සහ ඌව පළාතේ සුළු හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට සහ හස්ත කර්මාන්ත ශිල්පීන්ට එම කර්මාන්ත වලට අවශ්‍ය උපකරණ ප්‍රදානය පසුගියදා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්  මෙම තරගාවලිය පැවැත්විණි. ජුකී මහන යන්ත්‍ර, ධාන්‍ය ඇඹරුම් යන්ත්‍ර, සිමෙන්ති බ්ලොක් ගල් සෑදීමේ යන්ත්‍ර, විදුලිමය වඩු කර්මාන්ත උපකරණ, හස්ත කර්මාන්ත කරුවන් සඳහා වූ ආවුද කට්ටල, කිතුල් ආශ්‍රිත කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය උපකරණ ආදී රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා උපකරණ තොගයක් සියයට පණහේ ප්‍රතිලාභී දායකත්ව ක්‍රමය යටතේ මෙහිදී බෙදාදෙනු ලැබීය.
     
    ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ අජිත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම සහතික හා උපකරණ ප්‍රදානය සංවිධානය කෙරුණු අතර ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.පී.අබේසිංහ බණ්ඩා, අමාත්‍ය නිමල් සිරිපාල ද  සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම් අජිත් ලියනගේ යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya