නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සංශෝධනයට මහජන අදහස් විමසීම ගාල්ලේ අවසන්

    පෙබරවාරි 10, 2016

    නව ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (09) සහ පෙරේදා (08) යන දෙදින තුළ එම කමිටු සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දිස්ත්‍රික්කයේ විවිධ පෙදෙස්වල මහජනතාව මෙම අදහස් විමසීමේ කමිටුව වෙත ලිඛිතව, වාචිකව, ෆැක්ස් හා ඊමේල් යනාදී ක්‍රමවේද ඔස්සේ විවෘතව අදහස් යෝජනා ලබා දීම සිදු විය.

    මෙම අවස්ථාවට ආගමික නායකයින්, සිවිල් සහ ග්‍රාමීය නියෝජිතයින්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, දේශපාලඥයින්, මාධ්‍යවේදීන් සහ රජයේ නිලධාරීන් රැසක් මෙහි දී සිය අදහස් ඉදිරිපත් කළහ.

     

    සාර්ථක අන්දමින් පැවති මෙම අදහස් වීමේ කමිටුවේ දී ඉතා සුවිශේෂි වූ යෝජනා රැසක් ඉදිරිපත් වූ බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya