ආධාර ගිවිසුමට අඟහරුවාදා (13) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ දි ජපාන තානාපති කෙනිචි සුගනුමා මැතිතුමා හා ද හලෝ ට්‍රස්ට්හි වැඩසටහන් කළමණාකාර ඩෙමියන් මහත්වරුන් ඒ සඳහා අත්සන් කළහ.
ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වන ද හලෝ ට්‍රස්ට්හි බිම් බෝම්බ ඉවත් කිරිමේ මානුෂිය මෙහෙවර උතුරේ ජනතාවට නැවත පැමිණ තම ජිවිකාවන් ආරම්භ කිරිමටත්, ආරක්ෂිත ප්‍රදේශයක් ඇති කිරිමටත් මුලික පරමාර්ථය වන බව ෆ්‍රැන්සිස් ඕබ්‍රේන් මහතා පෙන්වා දුන්නේ ය.
දැනටමත් හලෝ බිම්බෝම්බ නිෂ්ක්‍රීයකරුවන් විසින් බිම්බෝම්බ 12000 කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර එම ප්‍රදේශ වල ජනතාව ජිවත් වන බව ඕබ්‍රියන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ය.