කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි සංචාරක පාඨමාලාව හදාරන සිසුන් සහ IFIT talks @ ඒකාබද්ධව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරේ.
සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවලට සහ එම ආයතනවල රැකියා කරන අයගේ කාර්ය සාධනය හා රැකියාවේ ගුණාත්මක බව වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.
මෙහිදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සංචාරක ව්‍යාපාරයට ඇති කරන බලපෑම, අන්තර් ක්‍රියාකාරී සංචාරක අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම, සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහා වන ලොව පිළිගත් මාර්ග ගත පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු සහ සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය හා සංවර්ධනය සඳහා දැනට පවත්නා ඊ - සංචාරක (E- Tourism) යෙදවුම් වැනි විෂයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.
ඒ අනුව සංචාරක හෝටල් කර්මාන්තයේ නියැලී සිටින මානව සම්පත් කළමණාකරුවන්, විද්‍යාර්ථීන් හා පර්යේෂකයන්, සංචාරක පුහුණු හා සංවර්ධන විධායක නිලධාරීන්, සංචාරක කර්මාන්තයේ ප්‍රතිපත්ති සම්පාදකයන් හා තීරණ ගන්නන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සඳහා සහභාගී විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි සංචාරක පාඨමාලාවේ සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.
මෙහි ප්‍රධාන දේශනය ඕස්ට්‍රලියානු විශ්වවිද්‍යාලයේ කළමණාකරණය පිළිබඳ මහාචාර්යවරයෙකු හා පර්යේෂණ අධ්‍යක්ෂවරයෙකු වන මහාචාර්ය ජැමී මර්ෆි (Prof.Jamie Murphy) මහතා විසින් පවත්වනු ඇත.
මෙහි විශේෂිත ආරාධිතයන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාරණ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරයේ සභාපති ආචාර්ය රෝහන්ත අතුකෝරළ යන මහත්වරු සහභාගී වීමට නියමිතයි.
සම්මන්ත්‍රණය පිළිබඳ වැඩි විස්තර 0777935559/ 0712622282/ 0759164364 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැක.