මෙහිදී ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සහ පරමාර්ථය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කොට තිබේ. ඊට අමතරව මෙම බෝලගල දී පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන, පළතුරු ගම්මානය පිහිටුවීම අරමුණු කොට සැලසුම් කර තිබේ.
පොල් වගාව යටතේ පළතුරු වෙලාව ජනප්‍රිය කරවීම සහ එම ඉඩම්වල ඵලදායිතාව වැඩි කිරීම සඳහා මෙම විශේෂ වැඩසටහන සිදු කෙරේ. මෙම ප්‍රධාන දිස්ත්‍රික් වැඩසටහන යටතේ අක්කර 1/4 සිට අක්කර 1 දක්වා වගා කිරීමට කැමැත්තක් දක්වන මෙන්ම සුදුසු ඉඩම් සහිත වසම් තුනකට අයත් වගාකරුවන් 25ක් ඇතුළත් කොට අක්කර 16ක ප්‍රමාණයක් ජමනාරං ගම්මානයක් පිහිටුවීම සිදුවේ.
එදිනදී තෝරාගත් වගාකරුවන් අතර මෙම ප්‍රදේශයට යෝග්‍ය “ඉන්දු“ ප්‍රභේදයේ ජමනාරං පැල 2,000ක් බෙදා දීමටත් ජමනාරං පැල සිටුවීම සහ නඩත්තුව පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමක් ද සිදු වේ. මෙම විශේෂ පළතුරු ගම්මානය පිහිටුවීම මඟින් අනෙකුත් ගොවි ජනතාව එවැනි වාණිජ මට්ටමේ පළතුරු වගාවන් පිහිටුවීම සඳහා උනන්දු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය වන පළතුරු පැල නොමිලේ සැපයීමටත් තාක්ෂණික උපදෙස් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ලබා දීමටත් දැනටමත් සැලසුම් කර ඇත.
SDF/dmu_Gampaha