නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන්ට වෛද්‍ය සායනයක්

    ජූනි 30, 2015
    නූතනයේ පවතින වැරදි ආහාර රටාව සහ රෝග කාරක ආහාර වර්ග වැඩි වශයෙන් භාවිතයට ගැනීම හේතුවෙන් බෝනොවන රෝග පිළිබඳ අවදානම ඉහළ යමින් පවතින බැවින් මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ බෝනොවන රෝගී තත්ත්වයන් පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා වන වෛද්‍ය සායනයක් අද (30) පෙ.ව. 10.00 සිට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක කරන මෙම වෛද්‍ය සායනයේ දී නිලධාරීන්ගේ ශරීර ස්‌කන්ධ දර්ශකය (BMI) මැනීම, රුධිරයේ පවතින සීනි ප‍්‍රමාණයබැලීම මගින් දියවැඩියාව පරීක්‍ෂා කිරීම හා රුධිර පීඩනය මැන බැලීම ආදිය සිදු කෙරේ. 
     
    මෙහි නොමිලේ පරික්‍ෂාවන් සිදු කරන අතර වෛද්‍ය මනුර රත්නායක මහතා ඇතුළු කණ්ඩායම මේ අවස්ථාවට සම්බන්ධ වූහ.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමය විසින් මෙය සංවිධානය කරන ලදී.
     
     
    NDH/dmu_Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya