නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 ජූනි

    ජූනි 30, 2015
    2015 වසරේ පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය 6.4%කින් වර්ධනය වූ අතර ඒ සඳහා ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහි ම දායකත්වය හිමි වූ බවත් සේවා අංශය හා කර්මාන්ත අංශය පිළිවෙළින් 7.5%කින් හා 6.5කින් වර්ධනය වී කෘෂි කාර්මික අංශය යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
     
    සංවර්ධිත රටවල අපේක්ෂිත වර්ධනය මෙන් ම අඩු උද්ධමනකාරී තත්ත්වය හා අඩු වෙළෙඳපොළ පොළී අනුපාතික මඟින් ඉදිරි කාලයේදී දේශීය ආර්ථික කටයුතු යහපත් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
     
    විදේශීය අංශය සැලකූ විට ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම්, ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළඹ ඇති විදේශ විනිමය හුවමාරු ගිවිසුම් හේතුවෙන් ලද ලැබීම්, භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලද ලැබීම් සහ සංචාරක කර්මාන්තය මෙන් ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂ ණ මඟින් රටෙහි විදේශ සංචිත වර්ධනය විය. මේ අතර විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම, එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ ආනයනයට හිතකර ලෙස සිදු කරන ලද බදු ගැලපීම් සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තීන් ශි ප්‍රතිඵලයක් ලෙස 2015 අප්‍රේල් මාසයේ දී ආනයනය ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර ඛනිජතෙල් මිල විශාල ලෙස පහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.
     
    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල්  (M2b)සැපයුමෙ හි වර්ධනය 2015 අප්‍රේල් මාසයේදී 13.9%ක් විය. එම කාලය තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත බැංකු අංශය විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයෙ හි වර්ධනය 15.2%ක් විය. ආර්ථික කටයුතු අඛණ්ඩව වර්ධනය වීමට උපකාරී වෙමින් 2015 අප්‍රේල් මාසය දක්වා පෞද්ගලික අංශයට ලබා දුන් ය මාසිකව රුපියල් බිලියන 25ක සාමාන්‍යයකින් පමණ වර්ධනය විය. මේ අතර බැංකු අංශය විසින් රජයට හා රාජ්‍ය ව්‍යවසායකයන්ට ලබා දුන් ශුද්ධ ණයෙ හි ඉහළ යෑම ද මුදල් ප්‍රසාරණයට දායක වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. 
     
    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස්වීම මඟින් මනිනු ලබන උද්ධමනය 2015 මැයි මාසයේදී 0.2%ක් වූ අතර එය අඛණ්ඩව සිව් වන මසටත් 1%ට වඩා අඩු අගයක පැවතිණි. වාර්ෂික සාමාන්‍ය උද්ධමනයට පෙර මස පැවති 2.1% සිට 2015 මැයි මාසයේදී 1.9% දක්වා තවදුරටත් අඩු විය. මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය 2015 මැයි මාසයේදී 2.6%ක පහළ අගයක පැවතිණි. වසරේ ඉතුරු කාලය තුළදී උද්ධමනය 4%කට වඩා අඩු අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    මේ පසුබිම යටතේ දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහසයි. ඒ අනුව 2015 ජූනි 26 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  (SDFR)සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR) පිළිවෙළින් 6% සහ 7.5% මට්ටමේත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 6% මට්ටමේත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya