නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 83 ක් සංවර්ධනය කෙරේ

    ජූනි 24, 2015

    කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 08 ම ආවරණය වන පරිදි මාර්ග 83 ක් මෙම වසර තුල සංවර්ධනය කිරීමට සැලසුම් ‍කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

     

    මෙම වැඩ සටහන යටතේ කිලෝමිටර් 276 ක් සංවර්ධනය කිරීමට නියමිතය. මීටර් 3 1/2 ක පළලකින් යුක්තව මෙම මාර්ග ඉදිකරනු ලබන අතර මේ සඳහා එක් කිලෝමිටරයකට රුපියල් මිලියන 15 ක්  වැයවේ.

     

    මෙම ඉදි කිරීම් සදහා අවශ්‍ය මුදල් වැය කරනුයේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.

     

    මෙම ඉදි කිරීම් තුලින් ප්‍රවාහන පහසුකම් වැඩි දියුණුවන අතර එය  ජනතාවගේ ආර්ථික සංවර්ධනයටද පිටුවහලක් හිමිවනු ඇත.

     

    AP/DMU- Kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya