අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන "සුවසර සුවඋදාන" ජංගම සෞඛ්‍ය සේවා වැඩසටහන යටතේ ඊයේ (21) මතුගම, පැලවත්ත "බ්‍රොම්බිල්" තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැති ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනකට සහභාගි වෙමිනි.
මෙහිදී විශේෂඥ අක්ෂි, දන්ත ඇතුළු සර්වාංග රෝග සඳහා සායන ද වකුගඩු රෝගීන් කලින් හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ, බෝ නොවන රෝග පිළිබද ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් හා දේශීය වෛද්‍ය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම, චීනකටු චිකිත්සා ප්‍රතිකාර ක්‍රම, රසායනාගාර සේවා සහ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ යටතේ ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය. සායනවලට සහභාගි වූ රෝගීන්ට වෛද්‍ය නිර්දේශ යටතේ ඖෂධ ලබාදීමට මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනින් පියවර ගෙන තිබුණි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා, බොහෝ වේලාවට ග්‍රාමීය ජනතාව දවස මුළුල්ලේ සිය දෛනික රාජකාරී කටයුතුවල නිරත වෙනවා හැරෙන්නට තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව අවදානය යොමු කිරීම ඉතාම අවම බවයි. එම නිසා වකුගඩු රෝග, හෘද රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රතිශතය ද ඉහළ යෑමට මෙය හේතුවක් වන බවත් මෙවැනි ජංගම සෞඛ්‍ය සායන ගමට ගෙන ඒමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ කිසියම් හෝ රෝගයක් මුල් අවස්ථාවේ හඳුනාගෙන ඊට ප්‍රතිකාර කිරීම තුළින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම සහ ජනතාවට සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම ලබාදීමත් බවයි. එමෙන්ම මෙම ජංගම සෞඛ්‍ය සායන ඉදිරියටත් දිවයින පුරා ග්‍රාමීය ජනතාවගේ සුඛවිහරණය උදෙසා නොකඩවා ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, සෞඛ්‍ය ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, අතිරේක ලේකම්වරුන් වන සෝමරත්න විදානපතිරණ සහ ජනක චන්ද්‍රගුප්ත, පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ, කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් සහ එවර්ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සභාපති දේශබන්දු අරුණ ද සිල්වා, කළමනාකාර අධ්යක්ෂ ඉන්දික නල්ලපෙරුම මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
NDH
---------