නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවි භාරයේ සිටන අලි පැටවුන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සොයා බලයි

    මැයි 06, 2015
    නීති විරෝධි අයුරින් රඳවාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුවේ සිටින අලි පැටවුන් තිදෙනා පිළිබඳ ව අද (06) ක්‍රීඩා හා සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා වනජීවි දෙපර්තමේන්තුවේ සොයා බැලීය.
     
    එහිදී අලි පැටවුන් තිදෙනා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
     
    මෙම අලි පැටවුන් තිදෙනා ඊයේ (05) දිනයේ දී බණ්ඩාරගම, ගම්පහ සහ අලව්ව යන ප්‍රදේශවල රඳවාගෙන සිටියදී සොයාගෙන ඇති අතර මෙම පැටවුන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පින්නවල අලි අනාථාගාරය වෙත භාරදීමට නියමිතව ඇත.
     
    මෙම අවස්ථාවට ක්‍රීඩා හා සංචාරක අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya