අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දම්පල් ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 17, 2020

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

     

    සැමරුම් උත්සවය අද (17) පෙරවරුවේ මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්විණ.

    විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් පිළිගනු ලැබීය.

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා “දම්පල් චින්තාවලියට” ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද ආරම්භ කළ “සුව ධරණි” හෙළ ඔසු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් රත් සඳුන් පැළයක් රෝපණය කළේය.

    අග්‍රශ්‍රාවක මහා විහාරයේ ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ද පුෂ්පෝපහාර දැක්වීය.

    දේශීය චින්තනය මත පදනම්ව රට මෙහෙයවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනගාරික ධර්මපාලතුමා ගත් ගමන් මග යන තමා දුටු එකම නායකයා යයි උත්සව සභාව ඇමතූ පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ පැවසූහ.

    මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් මහතා රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිතුමාට පිළිගැන්වීය.

    ධර්මපාලතුමාගේ ඥාතියෙකු වන සුධම්මික හේවාවිතාරණ මහතා ධර්මපාලතුමාගේ රුව සහිත සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත තිළිණ කළේය.

    සංවත්සර උත්සවයට සහභාගී වනු පිණිස මෙරටට වැඩම කර සිටින වියට්නාම දූත පිරිසේ ප්‍රධානී බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට සහ මහාබෝධි පදනමේ ලේකම් ඩිල්ෂාන් ජයසූරිය මහතාට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

    ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ පාලක සභික සහ අග්‍රශ්‍රාවක විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මොණරාගල පඤ්ඤාලංකාර හිමියන්ගේ අනුශාකත්වයෙන් Peo TV 113 නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන Relax TV සේවාව ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරිණ.

    රැලේ බයිසිකල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජේ. පෙරුමාල් මහතා මහා බෝධි සමාගමට පරිත්‍යාග කළ, දේශීයව නිෂ්පාදිත පාපැදි 10ක් පූජ්‍ය බානගල හිමියෝ ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.

    අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් යන අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා, සිසිර ජයකොඩි, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya