අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වර්ෂයට කලින් විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ගේ ගැටළුව පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා

    ඔක්තෝබර් 10, 2018

    2015 වර්ෂයට කලින් විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ට මෙම වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවලට සහන සළසන්න ඇති හැකියාව පිළිබඳව මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    රජයේ විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් ප්‍රශ්නය විමසන ලදී

    වැඩිදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, 2015 අතුරු අයවැය යෝජනාව අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට නව වැටුප් වැඩිවීමක් ලබාදීමට තීරණය කළා. රුපියල් 10,000ක වටුප් වැඩිවීමක් ලබාදුන්නා. 2016 ජනවරි 01 
    දිනෙන් පසු විශ්‍රාම ගන්නා විශ්‍රාමිකයින්ගේ වැටුප් රුපියල් 1000කින් වැඩි කළා.

    2015 වර්ෂයට කලින් විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ට මෙම වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවලට සහන සළසන්න ඇති හැකියාව පිළිබඳව මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

    මේ සඳහා යෝජනා ගණනාවක් ලැබී තිබෙනවා. තවමත් අවසන් තීරණයක් ගෙන නෑ. රජයේ සේවකයින්ට වටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 750ක් පමණ වැය කරනවා.විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව 
    රුපියල් බිලියන 200කට අධික මුදලක් වැය කරනවා. විශ්‍රාමිකයන් 145000ක් පමණ රුපියල් බිලියන 75කට අධික ණය මුදල් ප්‍රමාණයක් ලබාදී තිබෙනවා''යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya