අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    වන සතුන්ගෙන් සිදුවන ආහාර විනාශය වළක්වා ගැනීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ සහය

    සැප්තැම්බර් 28, 2018

    වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා හමුවේ සහතික වෙයි.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (26) දින පස්වරුවේ හමුවූ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා මේ පිළිබඳ සිය එකඟතාවය පළ කළේය.

    ශ‍්‍රී ලංකාවේ ගොවි ජනතාව විසින් වගා කරන ආහාර බෝග, එළවළු, පළතුරු ආදියෙන් 40% ක් පමණ වන සතුන් විසින් නිකරුනේ විනාශ කර දමයි. වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙන ආහාර බෝගවල අස්වැන්න අඩුවීම හේතුවෙන් ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව ද මගහැරෙමින් පවතී. සතුන් ද රැක ගනිමින් මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙය රටවල් රැසක් මුහුණදී ඇති ගැටලුවක් වන අතර, එම රටවල මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ලබාදුන් විසඳුම් තුළින් ලත් අත්දැකීම් උපයෝගි කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සහය ලබාදීමට සූදනම් බවයි.

    මන්දපෝෂණය තුරන් කරමින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට සූදානම් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය. ඒ සඳහා ආධාර සැපයීමට ද අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් වූ එකඟතා ගිවිසුමට අදාළ කෙටුම්පත කඩිනමින් සකස් කරන බව ද ප‍්‍රකාශ කළේය.

    මෙහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සියලු ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ තලයකට ගෙනැවිත් මන්ද පෝෂණය තුරන් කිරීම රජයේ අරමුණ බවයි.

    අවිධිමත් ආහාර රටාව සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා නොගැනීම මන්දපෝෂණයට හේතුවී තිබෙන ප‍්‍රධාන සාධකයි. එමෙන්ම අවිධිමත් ආහාර රටාවන් හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන්  17% ක් දියවැඩියාවෙන් ද, 48%ක් කාන්තා ස්ථූලතාවයෙන් ද, 20%ක් මන්දපෝෂණයෙන් ද  පෙළෙන අතර ඔවුන් බෝ නොවන රෝග ව්‍යාප්තවීමේ අවදානමට ද ලක්ව සිටිති.

    ශ‍්‍රී ලංකාවට ජාතික ආහාර ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විශේෂඥ සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

    ඒ සඳහා ද සියලු සහයෝගය දක්වන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික විය.

    වොෂින්ටන්හි පිහිටි අන්තර්ජාතික ආහාර ප‍්‍රතිපත්ති ආයතනය නැරඹීමට පැමිණෙන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන නොවැම්බර් මාසයේ බැංකොක්හි පැවැත්වෙන ආහාර පර්යේෂණ සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනයක් සඳහා ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  වෙත ඇරයුම් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya