නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්තල නව අධිකරණ සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ ...

    ජූනි 01, 2018

    අධිකරණ අමාත්‍යාංශය මගින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 275 ක වියදමින් ඉදිකරන ලද වත්තල නව අධිකරණ සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරිණි. 

    මහල් දෙකකින් සමන්විතව ඉදිකර තිඛෙන නව අධිකරණ සංකීර්ණය දිසා හා මහේස්ත්‍රාත් යන අධිකරණවලින් සමන්විත අතර විනිසුරු නිල මැදිරි, ලේඛනාගාර, නීතිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමර ඇතුථ සියලූ පහසුකම්වලින් යුක්තය.

    සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩල සමග සුහද කතා බහක නිරත විය.

    ඇමතිනි තලතා අතුකෝරළ, අමාත්‍ය ජොන් අමරතුංග, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවිණයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya