නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රට ජාත්‍යන්තර ඉදිරියේ විශාල පිළිගැනීමකට ලක්වෙලා - අමාත්‍ය මහින්ද සමරසිංහ

    මැයි 11, 2018

    ''ජාත්‍යන්තර සහයෝඟය සමඟ අපි දැන් ගමනක් යන්න පියවර ගෙන තිබෙනවා.අද අපේ රට ජාත්‍යන්තර ඉදිරියේ විශාල පිළිගැනීමකට ලක්ව තිබෙනවා'' යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    ජනාධිපතිතුමා පසුගිය 08 දින පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කළ ප්‍රකාශය සම්බන්දයෙන් පැවැති සභාව කල්තබන අවස්ථවේ යෝජනාව පිළිබඳ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    පාර්ලිමේන්තුව අත්හිටුවා යළි ආරම්භ කරන අවස්ථාවේ සම්ප්‍රදායක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. එය පසුගිය 8 දා සිදුවුණා. අපේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් දෙස බලන විට යම්කිසි වැඩක් කළවිට ඒ
    අවස්ථාවේ ප්‍රශංසාවට ලක්කරනවා. නමුත් ටික කලක දී අමතක කරනවා. මෙවැනි අවස්ථා ප්‍රයෝජනයට ගෙන  ඒවා ජනතාවට මතක්කර දෙන්න සිදුවෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් කළ සේවය මතක්කර  දෙන්න ඕන. 2015 ජනවාරි 8දා ඒ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ නොයෙකුත් අභියෝග  බාරගන්න සිදුවුණා. ඒ අතර ප්‍රධානම අභියෝගයක් වුණේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයට  ඉදිරිපත් කරන්න නියමිතව තිබූ වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳවයි. යුද්ධය අවසන් වූ පසුව  අපිට විවිධ සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවුණා. අපිට නොයෙක් දෝෂාරෝපණවලට , අසත්‍ය ප්‍රකාශවලට මුහුණ දෙන්න සිදුවුණා.  

    මෙවැනි දේ සමඟ සමහර බලවත් රටවල් සාකච්ඡා කරන්න පටන් ගත්තේ ශ්‍රී ලංකා රජයට පාඩමක් උගන්වන්න ඕන කියා. මේ පසුබිම සමඟ වසර දෙකකට පෙර ඡන්දයකට ගියා. ලංකාවේ කේන්ද්‍රය දෙස නොව ජිනීවා  කේන්ද්‍රය දෙස බැලුවා. යුද්ධය ජයග්‍රහණයකළත් ජනතාවගේ බඩට පහරක් වදිනවා නම් ජනතාව පාරට බහිනවා.  මේ අභියෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරගන්න සිදුවුණා. එතුමා රාජ්‍ය නායකයන්ට, මෙරට සිටින  තානාපතිවරුන්ට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. ජනවාරි 8 දා විප්ලවයක් සමඟ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විරුවන් ඉදිරියටත් ආරක්ෂා කරන්න පියවර ගෙන තිබෙනවා.

    ජාත්‍යන්තර සහයෝඟය සමඟ අපි දැන් ගමනක් යන්න පියවර ගෙන තිබෙනවා. පවතින රජයේ ගමන් මඟ ක්‍රියාදාමය සම්බන්ධයෙන් විදෙස් තානාපති කාර්යාල ඔවුන්ගේ රටවල් දැනුවත් කරනවා. ඒ නිසා අද අපේ රට ජාත්‍යන්තර ඉදිරියේ විශාල පිළිගැනීමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න සමත්ව තිබෙනවා.ජිනීවා හි මානව හිමිකම් කවුන්සලයේ රටවල් 47ම එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත්තා.බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්වාධීන කොමිසමක් පත්කළා. රටේ අගමැතිවරයා පවා ස්වෙච්ඡාවෙන් ගොස් සාක්ෂි ලබාදුන්නා. ඇමැතිවරයෙක් ස්වෙච්ඡාවෙන් ඉවත් වුණා. අතුරුදන්වූවන්ගේ කාර්යාලය මේ වනවිට ස්ථාපිත කොට තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ දෙමල ජනතාව අමතක කොට නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරිපත් කරන ලද ප්‍රකාශය අපිට ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. උතුරේ ජනතාව වඟේම දකුණේ ජනතාව ද මෙය පිළිගත යුතු වෙනවා. මේ රටේ විවිධත්වයට ගරු කරන ජනාධිපතිවරයෙක් අද ඉන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya