රාජ්‍ය අමාත්‍යවරය ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිතුමා පසුගිය 08 දින පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කළ ප්‍රකාශය සම්බන්දයෙන් පැවැති සභාව කල්තබන අවස්ථවේ යෝජනාව පිළිබඳ විවාදයට අඳහස් දක්වමින් මේ බව පැවසී ය.
ඒ සිදුවීම් ජනතාවට මතක තිබෙනවා. තෙල් මිල ජනතාවට දැනෙන පරිදි මේ රජය විසින් අඩුකොට තිබෙනවා. ලෝක වෙළෙඳ පලේ තෙල් මිල යම් යම් ආකාරයට ඉහළ යාම නිසා සංශෝධන සිදුකරන්න සිදුවෙනවා. එදා වඟේ අද අපේ තානාපතිවරුන්ට සළකන්නේ නැහැ. අද අභිමානයෙන් කතා කරන්න පුළුවන්. රජයක් ලෙස අපිට පොරොන්දු වූ දෑ ඒ ආකාරයෙන්ම ඉටුකරන්න නොහැකි වී තිබෙනවා. සමෘද්ධි තුළින් රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟාසිටුවීම අවශ්‍ය වෙනවා. සමෘද්ධි බැංකුවට හා අනෙක් බැංකුවලට වෙනත් විදියක් තිබෙන්න බැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිඳහස අද රටේ ස්ථාපිත කොට තිබෙනවා. ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් අපේ සමාජය බෙදී තිබුණා. යටිතල පහසුකම්, රැකී රක්ෂා තවදුරටත් දියුණු කළයුතු වෙනවා. අපි ගෝලීය ආර්ථිකය සමඟ බද්ධ වියයුතු වෙනවා යැයි ද පැවසී ය.