අධිකරණ සංවිධාන සංශෝධන පනත පිළිබඳව ඊයේ (9) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.
මම මුල්ම කලයේ කටයුතු කළේ අපරාධ අධිකරණවල පමණයි.මේ අවස්ථාවේ මේ පිළිබඳව කත කිරීමට අවස්ථාව ලබීම ගැන සතුටුයි. දිනපතා ප්‍රමාදයකින් තොරව නඩු අහන එක ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. 1974 යුක්තිය පසිඳලීමේ පනත එන්නට කලින් සියලු බරපතල නඩු ඇසුවේ එක් එක් පළාත්වල එහි නඩු විභාග කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක්. එසේ නැතිනම් විශේෂයෙන් පත් කළ අපරාධ කොමසාරිස්වරු. එම නඩු සෑම එකක්ම පැවැත්වූවේ දිනපතා. බරපතල නඩු කල්දමන පුරුද්දක් තිබුණේ නෑ. 1974 යුක්තිය පසිඳලීමේ පනත යටතේ එම ප්‍රතිපත්තිය දිගටම රැගෙන ගියා.මහාධිකරණ 16ක් ලංකාව පුරා පිහිටුවනු ලැබුවා.ඒ සෑම මහාධිකරණයකම සෑම නඩුවක් ම ඇසුවේ ජූරි සභාවක් ඉදිරියේයි. මම දිවුරුම් දුන්නේ යුක්තිය පසිඳලීමේ පනත යටතේ. විනිසුරුවරු ප්‍රවේශම් වුණා, නඩුවක් දින නියම කරන්නට පෙර නීතිඥවරු සමඟ සාකච්ඡා කරලා, පැහැදිළි දිනයක් දෙනවා නඩු අහන්නට. ඉන් පසු නඩු වැඩි වුණාම ක්‍රමයේ වෙනසක් ඇති කළා. ජූරිය නැතිව,විනිසුරුතුමා පමණක් අසන නඩු අහන ක්‍රමයක් ආව. මුල් කාලයේ ඒ නඩු ඇසුවෙත් දිනපතා. ඉන් පසු විත්තිකරුට අවස්ථාවක් දුන්නා තෝරාගන්න, ජූරි සභාව ඉදිරිපිට අසනවාද? නැතිව අසනවාද? කියලා. එයින් තමයි ගැටළුව ආවේ. පසුව රූල් එකක් වුණා ජූරි සභාව නැතුව නඩු අසන එක. අද ජූරි සභාවක් ඇතුව නඩුවක් අසන්නේ බොහොම කලතුරකින්. පසුව මෙම නඩු කල්යන්න පුරුද්දක් ආව. ඉන් අනතුරුව නඩු කල්යන්න පටන් ගත්තා.අද මෙම අධිකරණ සංශෝධන පනත යටතේ නැවතත් බරපතල නඩු පිළිබඳව විභාග බාධාවකින් තොරව දිනෙන් දින අසන ක්‍රමයක් හදලා තිබෙනවා. විනිසුරුවරු තුන්දෙනෙකු සිටින නඩු අසමාන්‍ය නොවේ.මීට කලිනුත් තිබිලා තිබෙනවා. මේ අලුත් තත්ත්වය යටතේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. දින හතරක කාලයක් සාකච්ඡාවක් ඇති වුණා. අද පැහැදිළි නඩු තීන්දුවක් තිබෙනවා.ආංශික කාරකසභාවේ දීර්ග ලෙස සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන පිළිගෙන තිබෙනවා තිබෙනවා. ත්‍රිපුද්ගල විනිශ්චයාසනයක් ගැන තීරණය කරන්නේ අගවිනිසුරුවරයායි. අගවිනිසුරුවරයගේ අනුමැතිය යටතේ සිදු කෙරෙන්නේ. ඒ නිසා සැකයක් තබාගත යුතු නෑ යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ය.