අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
අපේ අධිකරණ පද්ධතියේ නීතිය ඉටු කිරීම ප්‍රමාද වීම අද ඊයේ ඇති වීමක් නොවෙයි. ඒක කවුරුත් දන්නවා. වැඩි වූ නඩු ප්‍රමාණය ගත් විට 5,39,000ක් නඩු තිබෙන්නේ, මහේස්ත්‍රාත් අධිකරණවලයි. 2015 වනවිට නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා, යුක්තිය ඉටු කිරීම ප්‍රමාදය වැළැක්වීමට පියවර ගත යුතුයි කියලා කිව්වා .
නීතිපති දෙපාර්තමේන්තුවට නීතිඥවරු බඳවා ගන්න වුවමනා වුණා. දීර්ග කාලයක් වැටුප් ප්‍රශ්නයක් තිබුණා. වැටුප සැහීමකට පත්වන අන්දමේ වැටුප් වැඩි කිරීම කර තිබෙනවා. රස පරික්ෂක දෙපාර්තමේන්තුව ආසියාවේ තිබෙන හොඳම දෙපාර්තමේන්තුවක් බවට පත් කර තිබෙනවා. අයි.එස් ඕ. ලබාගත් හොඳම විද්‍යාගාර 10ක් තිබෙනවා. ජාන පරීක්ෂණ කරන රසායනාගරයක් තිබෙනවා. ඉදිරිපත් කළ පනත ගැන තර්ක ඉදිරිපත් වුණා. ජනතාව හා අධිකරණය අතර තිබෙන්නේ විශ්වාසයයි. අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම අපගේ වගකීමයි.
විශේෂ අධිකරණය අපේ රටේ තිබෙන ක්‍රමයක්. ඕනෑම අවස්ථාවක නීතිපතිවරයාට බලය තිබෙනවා ත්‍රිපුද්ගල විනිශ්චයාසනයක් පත් කරන්න ඉල්ලන්න . එය සුසුසු නම් අගවිනිසුරුතුමා පත් කිරීම කරනවා. එය නඩුවෙන් නඩුවට පත් කරන්න ඕන. සාමාන්‍ය නඩු ඇසෙන අධිකරණවල නඩුවලට බාධා නොවන පරිදි සුදුසු විනිසුරන් පත් කර නඩු ඇසීමට කටයුතු කරන්නේ. මෙය වෙනම අධිකරණයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ කිසිම
රටක් නීතියේ ප්‍රමාදය නැතිකරගෙන නෑ,අවම කරගෙනයි තිබෙන්නේ. දූෂණයට වංචාව අවම කරගැනීමට ගත් පියවරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.