මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නර්තන සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    මැයි 05, 2018

    රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (04) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විචිත‍්‍රවත් අන්දමින් පැවැත්විණි.


    උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්මාන උළෙල සංවිධානය කර තිබූ අතර, නර්තන කලාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
    ජීවිතයේ එක් වරක් පමණක් පිදුම් ලබන ,නර්තනතිලක, සම්මානයෙන් ප‍්‍රවීණ නර්තනවේදී එස්.පී. කවිසේන මහතා සහ ප‍්‍රවීණ නර්තනවේදීනී වසන්ති කුංචිදපාදම් මහත්මිය මෙහිදී පිදුම් ලැබූ අතර ජනාධිපතිතුමා අතින් එම සම්මාන පිළිගැන්වීම සිදුවිය.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල, රාජ්‍ය නර්තන උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රංජිත් ආරියරත්න කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya