අභිනව විහාර මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා ධාතු මන්දිරය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත විය.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් 2005 මාර්තු 25 වැනි දින ආරම්භ කරන ලද කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුව ප්‍රදේශයේ ජනතාවට ආධා්‍යාත්මික මගපෙන්වීමක් ලබාදීම වෙනුවෙන් මහ`ගු මෙහෙවරක් ඉටුකරයි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරු ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරු ඇතුඑ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )