නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ....

    අප්‍රේල් 28, 2018
    සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍ර ජෝති අභිධානයෙන් හා මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝානයක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ වෙත එම ධූරය පිළිබද අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (27)දින පස්වරුවේ දඹුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.
     
    අභිනව උප ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. 
    වළගම්බා පිරිවෙන් විහාරස්ථානය අසළ පිහිටි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි. 
    පිරිවෙන් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සංස්කෘතික ගම්මානය නැරඹීමට ද එක්වූ ජනාධිපතිතුමා එහි එළවථ ගොවිපළ ද නිරික්ෂණය කළේය.
    අස්ගිරි පාර්ශවයේ අනුනායකහිමිවරුන් වන පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එස් බී දිසානායක, සරත් ඒකනායක, බන්දුල යාලේගම, ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මැති ඇමතිවරුන් ද, දඹුල්ල නගරාධිපති, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුථ පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya