පාලකයා විසින් සියලූ සමාජ කොටස් වෙත ධාර්මික ලෙස රක්‍ෂාවරණය සැපයිය යුතු බවත්, ජනතාව සතු දෑ අවහිරයකින් තොරව භුක්ති විඳීමට ඉඩ ලැබෙන, ජීවිතාරක්‍ෂාව ඇති, පවුල් ජීවිතය සුරැකෙන, මුසාවෙන් තොර අදහස් හුවමාරුවකට ඉඩ සලසාලන, මිනිස් අයිතීන් සුරක්‍ෂිත වන පරිසරයක් නිර්මාණය කිරීම පාලකයාගේ යුතුකම බවත් චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි සඳහන්ය.
එබඳු යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දැඩි දුෂ්කරතා මධ්‍යයේ රජයක් ලෙස අපි කටයුතු කරමින් සිටින්නෙමු. ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් සුරැකෙන සදාචාරසම්පන්න සමාජය යථාර්ථයක් බවට පත්කිරීම දැනඋගත්, ශිෂ්ටසම්පන්න සෑම පුරවැසියකුගේම අපේක්ෂාව බව අපි දනිමු.
මෙත්, මුදිතා, කරුණා, උපේක්ෂා ප්‍රමුඛ වූ බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය එකී සමාජය ගොඩනැංවීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම සපයන බව විවාදයෙන් තොරය. තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුදු දහම ආවරණයක් කර ගැනීමට තැත් නොකොට, සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් බුදු දහම නිසියාකාරයෙන් පිළිපැදීමට මේ වෙසක් දිනයේ අදිටන් කර ගනිමු. ඒ සඳහා සැම සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය