මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කථානායකතුමාගේ වෙසක් දින සුභ පැතුම් පණිවුඩය

    අප්‍රේල් 29, 2018

    අරහත් සම්මාබුදුරජාණන් වහන්සේගේ පහළ වීම මනුෂ්‍ය ලෝකයෙහි අතිශයින් දුර්ලභ වූ අසිරිමත් සිදුවීමකි. ගෞතම බුදුරජාණන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වනු වස් ස්වකීය අවසන් උප්පත්තිය සිදු කලා වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ , මහා පරිනිර්වානයට පත් වූ වෙසක් පුර පසොලොස්වක පොහෝ දිනය මුළුමහත් විශ්වයටම අතිශයින් වැදගත් පූජනීය දිනයකි.

    විශේෂයෙන්ම තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව පරිදිම පිරිසිදු ථෙරවාදී බුද්ධ දර්ශනය ස්ථාපිත උන්වහන්සේ තෙවරක් වැඩම කරන්නට යෙදුනු ශ්‍රී ලංකාද්වීපයේ වෛශාක්‍ය මංගල්‍යය බෞද්ධ ලෝකයේ සියල්ලන්ගේම අවධානයට ලක්වේ.

    බුදු පියාණනන් වහන්සේ සමස්ථ ලෝ සතුන් කෙරෙහි පැතිර වූ සමබර සාධාරණ මෛත්‍රි සහගත චින්තනය ජීවිතාදර්ශය කොට ගනිමින් සාමය ,සමගිය හා මානව දයාව පිරි සමාජයක් බිහිකර ගැනිමට වෙසක් පුර පසොලොස්වක පොහෝ දිනය මෙලොව වශයෙන් පදනම සකසයි.

    වර්තමානයේදී බුදුන් වහන්සේ හෙලි කල විමුක්ති මාර්ගය අධ්‍යාත්මික වශයෙන් මිනිසාට නිවීම, සැනසීම උදාකරන ජ්‍යෙෂ්ඨ දර්ශනයක් බව ලොව පුරා ‍බුද්ධිමතුන්ගේ පිළිගැනීම බවට පත්ව තිබේ. එම දර්ශනය ලෝකයට දායාද කිරිමේ කේන්ද්‍රස්ථානයක් බවට අප දේශය පත්ව ඇති අතර , වඩාත් ධර්මාවබෝධයෙන් යුතුව ආදර්ශමත් ලෙස බුද්ධාලම්බන ප්‍රීතිය ඔප්නංවමින් මෙම මහා පුජෝත්සවය පැවැත්වීමේ යුතුකමද අප සතුවේ.

    වසර දහස් ගණනක් අඛන්ඩව ඉටු කල එම උතුම් කාර්යය වෙනුවෙන් කැපවෙමින් බුදු තෙමගුල සමරන සකල ශ්‍රි ලංකාවාසී බොදු ජනතාවටත්, සමස්ත ලෝක වාසී බෞද්ධයන්ටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

     

    කරු ජයසුරිය

    කථානායක

    ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya