අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට කඩිනමින් ඉදිරි පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

    අප්‍රේල් 26, 2018

    2018-2037 කාල පරාසය සඳහා පිළියෙල කරන ලද දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත උපදෙස් දුන්නේය.

    දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබන්ද අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

    මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා 2018 වසරේ සිට 2037 දක්වා කාල පරාසය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය
    සඳහා ඉදිරිපත් කර තිබේ.

    අදාළ සැලැස්ම කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද ගැටලූ ඇත්නම් සාකච්ඡා කර පවතින බාධාවන් ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට අවධාරණය කළේ ය.
    එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළි, මහජනතාවගේ ගැටලූවලදී ඔවුන් පීඩාවට පත්වීමට ඉඩ නොතබා මානුෂීය තීන්දු තීරණවලට එළැඹීම අත්‍යාවශ්‍ය බවයි.

    දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ඉල්ලමින් සහ වෙනත් වෘත්තීය ගැටලූ කිහිපයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන් විසින් මෙම 08 වනදා ගැනීමට නියමිතව තිබූ වෘත්තිය කි‍්‍රයාමාර්ගයෙන් ඉවත්වන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ සෙසු ඉල්ලීම පිළිබඳව ද ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡුා කර තීරණයකට Eළැඹීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

    අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, සාගල රත්නායක යන මහත්වරුන්ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ*ුමදඑත ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල,ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව්, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya