මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කොළඹ නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට එක්වෙයි

    අප්‍රේල් 14, 2018

    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව, හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා එක්විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුථ පවුලේ සැම එක්ව සුබ නැකතට ලිප ගිනි මොළවා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් නව වසරේ උදාව සැමරීය.

    වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපතිතුමා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ ඛෙලි පැළයක් ද රෝපණය කළේය.

    අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සඳහා ද ජනාධිපතිතුමා එක්විය.

    උදාවූ සිංහල හා හින්දු අලූත් අවුරුද්දට ජනාධිපතිතුමා වෙත සුබපැතීමට මැති ඇමතිවරුන්, කලාකරුවන් හිතවතුන් මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් ජනතාව විශාල පිරිසක් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර, ඔවුන් සියලූදෙනා ඉතා සුහදව පිළිගත් ජනාධිපතිතුමා ආහාර අනුභව කිරීමේ නැකතට එම සියලුදෙනා එක්කර ගනිමින් ඔවුන්ට ආහාරපාන වලින් සංග්‍රහ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya