ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්වෙමිනි.
අයහපත් සමාජ තත්ත්වයන් හමුවේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ සියලු පාර්ශ්වයන් මීට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දැනුම මෙන්ම හැදියාව මුල්කරගත් මානව සම්පතක් රට තුළ ගොඩනැගීම සඳහා සියලු කැපකිරීම් සිදුකිරීමට රජය සූදානම් බව ද අවධාරණය කළේය.
අද පෙරවරුවේ මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතික පත‍්‍ර පිළිගැන්වීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
1857 දී ආරම්භ කෙරුණු මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය විවිධ ආගම් සහ ජාතීන්ගෙන් යුත් ශිෂ්‍යයන් සමග අන්‍යෝන්‍ය සුහදතාවයෙන් සැමදෙනාගේම මතවලට ගරු කරමින් කටයුතු කරන පාසලක් වන අතර ලක්ෂ්මන් කදිරගාමර්, ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෝර්ජ් කීට්, ගාමිණී දිසානායක යන මහත්වරුන් සහ සහ මෑතකදී බිහිවූ කුමාර සංගක්කාර වැනි විශිෂ්ට පුරවැසියන් රැසක් එදා මෙදා තුර ජාතියට දායාද කර තිබේ.
මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද විද්‍යාලයේ විදුහල්පති ඇන්ඩෲ ෆවුලර් වොට් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.