නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක යෝජනා විවාදය- අලවි මවුලානා වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළා

    අප්‍රේල් 06, 2018

    හිටපු අමාත්‍යවරයකු, ආණ්ඩුකාරවරයකු වූ අභාවප්‍රාප්ත අලවි මවුලානා මහතා වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල  සේවයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ දී අද (6) අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පිළිබඳ ශෝක යෝජනා  හතරක් විවාදයට ගත් අවස්ථවේ දී එයට එක්වෙමින් අග්‍රාමත්‍යවරය මේ බව පැවසී ය.


    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-


    එතුමා කම්කරු ඇමැති හැටියට උනන්දුවෙන් හැම අවස්ථාවේ දී ම අපට ආධර උපකාර කළා. දේශපාලන වශයෙන් කණ්ඩායම් දෙකකට අයිති වුණාට,ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඕනෑම ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුවේ බය නැතිව
    කතා කළා. වෘත්තීය සමිති නායකයෙක් හැටියට, මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් හැටියට ආණ්ඩුකාරයෙක් හැටියට අප දැනගත්ත. මුළු ජීවිතයම දේශපාලනයයි. එතුමාගේ කාලය තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල
    සේවයක් කළා.


    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.බී.විජේකෝන් මහතා නැති වීම පාඩුවක්

    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.බී.විජේකෝන් මහතා 1977 එතුමා පාර්ලිමේන්තුවට ආවා. අප කතාකළා දඹදෙණියේ කටයුතු ගැන. මේ කාලය තුළ අපි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කළා. යාපනය දිස්ත්‍රික්
    ඇමැතිතුමා ලෙස පත් වුණා. එතුමා අමාරු කාලයේ යාපනයේ සිටියේ. දකුණෙන් විවේචන ආවා. එදා ගත්ත තීරණ හරි කියලා දැන් හිතන්න පුළුවන්. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා
    ඇගලුම් කර්මාන්ත 200 හදනකොට එතුමා කර්මාන්ත අමත්‍යවරයා ලෙස කටයුතු කළා. යූ.බී.විජේකෝන් මහතා නැති වීම පාඩුවක්.


    වතුකම්කරුවන් වෙනුවෙන් පියවර ගණනාවක් ගත්තා

    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුපයියා වේලායුදන් මැතිතුමා වතු කම්කරු සාමාජිකයෙක් ලෙස දැන ගත්තා. එතුමා සමඟ කිට්ටුවෙන් වැඩ කරන්න හැකි වුණා. වතුකම්කරුවන් වෙනුවෙන් පියවර ගණනාවක් ගත්තා. වෙලායුදම් මැතිතුමා බදුල්ලෙන් පාර්ලිමේන්තුවට ආවා. අසනීප තත්ත්වය නිසා 2015 මැතිවරණයට ඉදිරිපත් වුණේ නෑ. එතුමා සිටියේ සියලු ජාතීන් සමඟ දේශපාලනයේ සිටියේ. ශ්‍රී ලාංකිකයෙක් ලෙස වැඩකටයුතු කළා.එතුමා විශාල සේවයක් වෘත්තීය සමිති ව්‍යාපාරයට කළා.


    බියගම කොට්ඨාශයක් බාරගෙන මාගේ ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කළා

    අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරනිමල රාජපක්ෂ මහතා මා සමඟ දේශපාලනය කළේ. දේශපාලන සඟයෙක්.එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණ ප්‍රතිසංවිධානයට, අතුරු මතිවරණයට විශාල සහායක් දුන්නා.1977
    මැතිවරණයේ දී බියගම කොට්ඨාශයක් බාරගෙන මාගේ ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කළා. බියගම වැඩ කළේ සුරනිමල රාජපක්ෂ ලබාදුන් සහයෝගය නිසයි.

    1994 දී බියගම ආසනයේ සංවිධානය බාරදුන්නා. පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලැබුණා. 2001 අධ්‍යාපන විෂයේ කටයුතු කළා. 2010 ජනාධිපතිවරණය, 2015 ජනාධිපතිවරණයේ දී සංවිධාන කටයුතු කළා. එතුමා අසනීප
    වෙලා,අපෙන් වෙන් වුණා. මා දීර්ග කාලයක් වැඩ කළේ, සුරනිමල රාජපක්ෂ මැතිතුමා සමඟයි. එතුමාගේ අහිමි වීම පුද්ගලික ජීවිතයටත්,දේශපාලන ජීවිතයටත් පාඩුවක්.


    හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා-

    හිටපු අමාත්‍යවරයකු, ආණ්ඩුකාරවරයකු වූ අභාවප්‍රාප්ත අලවි මවුලානා මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉහළටම ගියා.  ලිප්ටන් වටරවුමේ අලවි මවුලානා නැති වර්ජනයක් නෑ. තම කම්කරු පන්තිය වෙනුවෙන් සටන් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අපට උපදෙස් දෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට එතුමා පත් වුණා. වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් කැප වී කටයුතු කළා.

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-

    අභාවප්‍රාප්ත අලවි මවුලානා මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවයකු ලෙස අමාත්‍යවරකු ලෙස සුවිශාල මෙහෙවරක් ඉටු කළා. එතුමා නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා, කම්කරු අමාත්‍යවරය ලෙස වෘත්තීය
    සමිති නායකයෙක් ලෙස කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් කැපවූ දේශපලඥයෙක් ලෙස සඳහන් කළ හැකියි. වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කිසිවෙකුගෙන් චෝදනාවක් එල්ල වුණේ නෑ. තම අරමුණු වෙනුවෙන් දීර්ග ලෙස
    කැපවී කටයුතු කළා. පටු සීමාවන් තුළ හිර නොවී මුස්ලිම් නොවන ජනතාවට සේවයක් කළ සැබෑ මහජන නියෝජිතයෙක්.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya