ඒකාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අද (4) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මටත් ආණ්ඩුවටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඔබ සියලු දෙනා දැක් වූ සහයෝගයට මම ඔබ සැමට ස්තූතිය පුද කරනවා. මෙය විශිෂ්ඨ ජයග්‍රහණයක්. ඔබ සියලු දෙනා කළ සේවය මම අමතක
කරන්නේ නෑ. දැන් අපට අලුත් ගමනක් යන්න තිබෙනවා. ආණ්ඩුවක් හැටියට අපට ලැබුණු පණිවුඩයත් අරගෙන අපේ වැඩකටයුතු මීට වඩ සීග්‍රයෙන් ගෙන යන්නට තිබෙනවා. මුළු රටට ම අපේ ප්‍රතිපලය දැනුම් දුන්නා. අපි
වැඩකටයුතු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ජනවාරි 8 වෙනිදායින් පසුව රටේ විශාල වෙනසක් සිදුව තිබෙනවා. රටේ ආර්ථිකය සකස්කරගෙන යනවා. ගමේ සංවර්ධනය ආරම්භ කරගෙන තිබෙනවා. ජනතාවගේ
ආදායම් වැඩි කරන්න කටයුතු කර තිබෙනවා.
ජනතවට මීටවඩා සමීප වෙන්න අපේ යුතුකමක් තිබෙනවා. ඊළඟ වසරේ රටට දැනෙන විදියට මේ සංවර්ධනය ගෙනයන්න අවශ්‍යයි. විශ්වාසභංගයට මුහුණදුන්නේ පුද්ගලයෙක් ආරක්ෂා කරන්න නොවේ, ආණ්ඩුවක් ආරක්ෂා
කරන්න,ජනතාව ආරක්ෂා කරන්න,ජයග්‍රහණය ආරක්ෂා කරන්නයි. එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇතිකරන්නට තිබෙනවා. අලුත් කණ්ඩායම් ඉදිරියට ගේන්න තිබෙනවා. බහුතර සහයෝගය දිනාගෙන ඉදිරියට
යමු . අඩු පාඩු තිබෙනවා. රට බලාපොරොත්තු වූ ජනවාරි 08 වගකීම් ඉටු කරන්න රජයට වගකීමක් තිබෙනවා. ඉතුරු කණ්ඩායම් සමඟ ඉදිරියට යනවා. ජනාධිපතිතුමා හමුවෙන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.