මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (3) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පිළිබඳව විවාදයට එක්වෙමිනි.
ආර්ථිකය මේ වසර දෙක තුළදි අයවැය පරතරය ටිකක් වැඩි වුණා. පරිසරයේ හා කාලගුණ විපර්යාස නිසා එය එසේ වුණා. ගෝලීය උණුසුමට දායකත්වය නොදැක්වූ රටක් ලෙස අපට කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා.අපනයනය ඉහළ ගොස් තිබෙනවා. මත්ස්‍ය අපනයනය ඉහළ ගොස් තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් සහනයේ ප්‍රතිලාභය ලබන වසර තුනේදී දැකිය හැකියි. භාණ්ඩ 7000 ක් පමණ ජී.එස්.පී. ප්ලස් සහනය මඟින් ලැබෙනවා. ඉතිහාසයේ සෘජු විදේශ ආයෝජන වැඩිපුරම ලැබුණු වසර ලෙස පසුගිය වසර හඳුන්වාදිය හැකියි.
බදු ආදායම විදයම් වන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය සඳහායි. යටිතල පහසුකම් ගොඩ නඟනවාටත් වඩා වැදගත් වන්නේ මානව සම්පත ඉහළ නැංවීමයි. දළ දේශීය නිෂ්පාදනය 2.4 දක්වා වැඩි කිරීමට අපට හැකි වී තිබෙනවා. සෞඛ්‍යයට 2014 වසරේදි වියදම් කළ සංඛ්‍යාවට වඩා වර්තමානය වන විට වැඩි කර තිබෙනවා. නාස්තිය අවම කළ යුතුයි. බොහෝ ක්‍රමවේද ඒ සඳහා යෙදවිය යුතුයි. ආදායම් බදු දෙපාර්තමේන්තුව රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව කියන ආයතන තිබෙනවා. අලුත් රේගු පනතක් ඉදිරියේදි ගේන්න කටයුතු කරනවා. විද්‍යුත් මාර්ග භාවිතා කර රේගුවේ ගෙවීම් කරන්නට පහසුකම් තිබෙනවා. විද්‍යුත් අත්සන යෙදීමට පහසුකම් ලබාදී තිබෙනවා.
බදු ගෙවන්නා හා නිලධාරියා අතර තිබෙන සම්බන්ධතා මේ නිසා අඩු වෙනවා. ඒ අනුව බදු සම්බන්ධයෙන් වන දූෂණයන් අඩු වෙනවා. ආදායම් බදු අත්පොත වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. තවත් ආදායම් බදු ගෙවන විට ජනතාවට පහසු කරවන වැඩපිළිවෙළක් ඉදිරියේදි ඉදිරිපත් කරනවා. ණය බර කළමනාකරණය කරන වැඩපිළිවෙළක් ද සකස් කරනවා.ආර්ථික සංවර්ධනය වැඩි කිරීමට මුල් තැනක් අපි ලබාදීම සිදු කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.