නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම පිළිබද විශේෂ වැඩසටහනක්

    මාර්තු 31, 2018
    පොළොන්නරුව දිස්ත්‍රික්යේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ප්‍රගතිය, ගැටලූ සහ අභියෝග මෙන්ම අඩුපාඩු හදුනාගනිමින් හෙට දවසේ වඩා ගුණාත්මක මෙන්ම උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම අරමුණු කර ගනිමින් විශේෂ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි.
     
    අධ්‍යාපන නිලධාරින්, අධ්‍යාපන උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් විසින් මෙහිදී දිස්ති්‍රක්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටලූ පිළිබද කරුණු ඉදිරිපත් කරනු ලැබූහ.
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරචිචි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya