අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාලය ඉදිකිරීම වෙනුවෙන් රජය ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 158කි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ විවිධ ආයතන 3,000කට ආසන්න ප්‍රමාණයක, සේවක සේවිකාවන් 50,000 කට පමණ මෙම නව කාර්යාලය මගින් දෛනික සේවාවන් ලබා ගත හැකිය.
පොළොන්නරුව කඳුරුවෙල නගරයේ ස්ථාපිත කර ඇති මෙම කම්කරු කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.