නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡාවක්

    මාර්තු 08, 2018
    මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ  (07) දහවල් මහනුවර ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.
     
    මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහනසේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මානන්ද යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, මහනුවර ප්‍රධාන මවිලවිතුමාවන ෆස්ලර් රහ්මන් මව්ලවිතුමා ඇතුථ මව්ලවිතුමාලා, මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ අයිවන් ජයසුන්දර පියතුමා, මහනුවර ශ්‍රී විනයාර්ග දේවස්ථානයේ ප්‍රධාන භාරකාර ක්‍රිෂ්ණ මූර්ති ගොවින්දා ස්වාමිවරයා ඇතුථ අන්‍යාගමික නායකයින් ද, මැති ඇමතිවරු රැසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 
     

    -- ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya