නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදිරිගිරිය රෝහලේ ඉදිකිරීම් ජනපති අතින් ජනතා අයිතියට

    මාර්තු 02, 2018
    පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මැදිරිගිරිය රෝහල වෙනුවෙන්  ඉදිකෙරුණු හෙද නේවාසිකාගාරය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මාතෘ සායන මධ්‍යස්ථානය සහ වකුගඩු රෝගිී රුධිර කාන්දුකරණ ඒකකය  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ සුරතින්  විවෘත කෙරිණි.
     
    පීත්තපට කපමින් සහ සමරු ඵලක නිරාවරණය කරමින් ඉදිකිරීම් විවෘත කළ ජනාධිපතිතුමා, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීමට ද අමතක නොකළේය. 
     
    උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, හිටපු පළාත් සභා අමාත්‍ය සම්පත්  ශ්‍රී නිලන්ත යන මහත්වරුන් සහ පළාත් සෞඛ්‍ය ලේකම් සමන් බන්දුලසේන, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර, මැදිරිගිරිය රෝහලේ වෛද්‍ය අධිකාරී සුනිල් සෙනරත් යාපා යන මහත්වරුන් ඇතුථ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya