නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිදියාව හා සහජීවනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ ...

    පෙබරවාරි 28, 2018

    "සංහිදියාව හා සහජීවනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය" එළිදැක්වීමේ හා ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයෙන් නිෂ්පාදිත ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හදගම අධ්‍යක්ෂණය කළ ,තුන්දෙනෙක්, චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ රිගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. 

    ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්. ජයසිංහ මහතා විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මින් සහ රාජ්‍ය නිලධාරින්, විද්වතුන්, කලාකරුවන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්විය. 

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya