ඉදිකිරීම් ක්ෂේත්රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
මේ අතර දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශීය ව්‍යාපෘති ඉදිකිරීම දිරිගැන්වීම සහ ඇගයීම සදහා මෙවර එක් කරන ලද නව සම්මාන 03 ක් මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.
ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සදහා වන පාරිසරික මාර්ගෝපදේශණ සංග්‍රහය ද මෙහිදී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.
නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්. අබේරත්න, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ආර්. ජෙයචන්ද්‍රන්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් වාස්තු විද්‍යාඥ එච්.කේ. බාලචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )