අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳ ශෝක යෝජනාව විවාදයට

    පෙබරවාරි 22, 2018

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

    සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    රටට වැඩදායි සේවයක් සිදු කිරීම කෘතවේදීව සිහිපත් කළ යුතුයි. මහාචාර්ය ඩබ්ලිව්.ඒ.විශ්වා වර්ණපාල මහතා  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අමාත්‍ය විශ්වා වර්ණපාල මහතා නිහතමානි නායකයෙක්. එතුමා මෙරට විශ්වවිද්‍යාල දියුණුව සඳහා සුවිශේෂී මෙහෙයක් සිදු කළා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    අභාවය ශ්‍රී ලංකා දේශපාලනයට සිදු වූ බලවත් පාඩුවක් -   අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  

    මහාචාර්ය ඩබ්ලිව්.ඒ.විශ්වා වර්ණපාල මහතා මේ රටේ ප්‍රතිරූපය උච්චතම ස්ථානයට ගෙනගිය බුද්ධිමතෙක්. අර්ථශාස්ත්‍රය,ආණඩුක්‍රම ව්‍යපවස්ථාව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළා. දේශපාලන ජීවිතය ආරම්භ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. එතුමා රටේ  දේශපාලනය සමඟ කාලීන ප්‍රශ්න සමඟ එකාබද්ධ කරමින් බණ්ඩාරනායක දර්ශනය ගැන ගැඹුරු දර්ශනයක් මේ රටට මුසු කළා. නිහතමානී දේශපාලඥයෙක් .එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස එතුමා  කටයුතු කළා. එතුමාගේ අභාවය ශ්‍රී ලංකා දේශපාලනයට සිදු වූ බලවත් පාඩුවක්.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya