අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය පුරවැසියාගේ අයිතිය ශක්තිමත් කර තිබෙනවා - මුදල් රජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 19, 2018

    කෙටි කාලයක් තුළ රජය පුරවැසියාගේ අයිතිය ශක්තිමත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව
    ප්‍රකාශ කළේ ය.


    ආණ්ඩුව රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න වැඩකොටසක් කළා. ස්වාධීන කොමිෂන් සභ පිහිටුවලා, ඒම ආයතන ශක්තිමත් කළා. කෙටි කාලයක් රජය තුළ පුරවැසියාගේ අයිතිය ශක්තිමත් කර තිබෙනවා.
    පුරවැසියාට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදුන්නා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්ය ධර්ම පද්ධතියක් පිළිබඳව වාද විවාද කිරීම තවත් පිම්මක්. චර්යා ධර්ම පද්ධතියක් ගෙන ඒම මතිවරණ පොරොන්දුවක්. වගකිව යුතු රජයක් හැටියට දූෂණය අවම කරන්න, බලය අනිසි
    ලෙස භාවිතය වළක්වන්න, විනිවිදභාවය අති කරන්න හා පාර්ලිමේන්තුවේ නිසි හැසිරීම ඇතිකරන්න මෙය ඉදිරිපත් කර තිබෙන්නේ. අලුත් දෙයක් අප කර තිබෙන්නේ. පාර්ලිමේන්තුව ශක්තිමත් වීමෙන් අවසානයේ
    පුරවැසියා ශක්තිමත් විය යුතුයි. පාර්ලිමේන්තුව තුළ ආචර ධර්ම සංස්කෘතිය පෝෂණය කරන්න අවශ්‍යයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya