නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 27 ක් පුරා වසා දැමූ කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාවට විවෘතයි

    පෙබරවාරි 06, 2018

    1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ   (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමිනි.

    එම මාර්ගය අද විවෘතවීමත් සමග ජනතාව ගමන්කළයුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා කිසිඳු බේදයකින් තොරව යාපනය ජනතාව වෙනුවෙන් ද සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කරන බව සඳහන් කළේය.

    රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට තමා කැපවී සිටින බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළහැකි සෑම කැපකිරීමක් සිදුකරන බව ද පැවසීය. උතුරේත්, දකුණේත් සියලූ ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත්කර ගත්තේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් කෙරෙහි දැඩි අපේ්ක්ෂා සහගතව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අපේක්ෂාවන් ඉටු කිරිමට ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.

    මේ අතර යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75 කින් පමණ අවසන් කර තිබෙන අතර, ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    අතුරුදන්වූවන් පිළිබඳ දීර්ඝ කාලයක් පුරා පවතින ජනතා හඬ නැගීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වෙනුවෙන් ඉහළම සාධාරණය ඉටුකිරීමට තමා කැපවී සිටින බවයි. එම අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා අතර, ඔවුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍ය සාකච්ඡා, සොයාබැලීම් සඳහා ඕනෑම අවස්ථාක තමා සූදානම් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


    සංවර්ධනයට මුවා වෙමින් දේශපාලන වශයෙන් ජනතාවට බෙදා වෙන් නොකරන ලෙස තමා උතුරේත් දකුණේත් සියලු දේශපාලනඥයින්ගෙන් ඉල්ලන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya