අම්බලන්තොට නගරයේදී පැවති ජන හමුවකට සහභාගි වෙමින්අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශය විශාල ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් තිබුණත් එවැනි සංවර්ධනයක් මේ ප්‍රදේශයේ සිදු කර නොමැති බව පෙනී යනවා. අධික ලෙස ණය ලබාගැනීමෙන් පසුව රට ණය බරක සිරකරමින් එදා ජනාධිපති ධූරයෙන් ඉවත් වී ගියා.
රුහුණු මාගම්පුරය ආරම්භ කළේ කාවන්තිස්ස රජතුමායි. එදා ඇති වූ දියුණුවෙන් පසුව වර්තමානයට ගැලපෙන පරිදි විප්ලවයක් ඇති කරමින් කර්මාන්තකරණය පදනම් වූ ආර්ථිකයක් මාගම්පුරයට ලබාදෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව පවසනවා.
අපි මේ ආණ්ඩුව භාරගන්නා විට රාජපක්‍ෂ රෙජිමය ඉතිරි කර ගොස් තිබුණේ ණය බර පමණයි. 2013 – 2014 කාලවල ණය පියවීම සඳහා රටේ ආදායමවත් ප්‍රමාණවත් වූයේ නැහැ. එම නිසා ආර්ථිකය කඩාවැටීමට පෙර ජනාධිපතිවරණය පවත්වා නැවතත් බලය තහවුරු කිරීමට ඔවුන් කල්පනා කළා.
ශ්‍රී ලංකාව 1948 වසරේ සිට 2008 වසර දක්වාම ලබාගත් ණය ප්‍රමාණය හා සමාන ණය ප්‍රමාණයක් ඔවුන් 2008 සිට 2014 කාලය දක්වා ලබා ගත් බව පැවසිය යුතුයි. 2008 වර්ෂය වනතුරු ණය ලබාගෙන තිබුණේ යුද්ධය සඳහා පමණයි. නමුත් විශාල ලෙස ණය ගැනීම ඔවුන් ආරම්භ කර තිබෙන්නේ යුද්ධය අවසන්වීමෙන් පසුවයි. මහවැලිය ඇතුළු මේ රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ආදිය සඳහා ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ සිට 2008 දක්වා වසර 60 ක් තුළ ලබාගෙන තිබූ ණය ප්‍රමාණය හා සමාන ණය ප්‍රමාණයක් ඔවුන් විසින් අවුරුදු 6 ක් තුළ ලබාගෙන තිබෙනවා.
විශාල පොලී අනුපාතයන් සමග ලබාගෙන තිබූ මෙම ණය පියවීමට හැකියාවක් ශ්‍රී ලංකාවට තිබුණේ නැහැ. නමුත් සැලැස්මකට අනුව ආර්ථිකය සංවර්ධනය කරමින් ණය ගෙවීමට අපි රටේ ආණ්ඩුව බලය භාරගත්තා.
ඒ වෙනුවෙන් අපි වසර දෙකක් යෙදෙව්වා. ඇතැම් අවස්ථාවල වැට් වැඩිකිරීම වැනි ජනප්‍රිය නොවන තීරණ ගැනීමට ද අපට සිදු වුණා. පරණ ණය ගෙවීමට අලූතින් ණය ලබාගැනීම අනතුරුදායකයි. ඒ වෙනුවට අපේ රටේ ආදායමින්ම ණය පියවමින් ඉදිරියට යාමට අපි කල්පනා කළා. දැන් රටේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වී තිබෙනවා.
2016 චීනයට ගිය අවස්ථාවේ මෙම ණය ගෙවීමට අපට හැකියාවක් නැති බව අපි ඔවුන්ට පැවසුවා. ණය පියවීම සඳහා ලබාදුන් කාලය දීර්ඝ කරන්නේ නැත්නම් මෙම ගිවිසුම අහෝසි කිරීමට සිදුවන බවත් අප ඔවුන්ට පැවසුවා. ඒ වගේම කොළඹපෝට් සිටි ව්‍යාපෘතිය සඳහා එම ඉඩම සින්නක්කරව ලබාදීමට ඇති කරගෙන තිබු කොන්දේසිය අපේ ආණ්ඩුව යටතේ ක්‍රියාවට නැංවීමට නොහැකි බව මම ඔවුන්ට පැවසුවා. ඔවුන් ශැංග්‍රීලා හෝටල් ව්‍යාපෘතිය සඳහාත් යුද හමුදාවට අයත් ඉඩම ලබාදී තිබුණේ සින්නක්කර අයිතිය යටතේයි. එවැනි වංචනික දේශප්‍රේමයක් අපට නැහැ. එම නිසා රටේ ඉඩම් අපි එලෙස සින්නක්කරව විකුණන්නේ නැහැ. මෙම ගිවිසුම් අහෝසි කිරීමට අපට සිදුවන බව අප ඔවුන්ට පැවසුවා.
මෙම ගැටලූව සම්බන්ධයෙන් චීනයේ අග්‍රාමාත්‍යවරයාත්, අදාළ අමාත්‍යවරුන් සමගත් සාකච්ඡා කළා. චීන ජනාධිපතිවරයාත්, අපේ අපහසුතාවය පිළිගත්තා. සින්නක්කර ඔප්පු ලබාදීම වෙනුවට අනූනව බද්ද යටතේ එම ඉඩම් බදු දීමට අප තීරණය කර ගත්තා. හම්බන්තොට වරාය වෙනත් සමාගමක් හා සම්බන්ධ කරමින් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට හැකි දැයි ඔවුන් අපෙන් විමසුවා. අප ඊට එකඟත්වය පළ කළා. එවැනි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් එම අවස්ථාව චීන සමාගම් වෙත ලබාදෙන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. අප ඊට එකඟතාවය පළ කළා.
ඒ අනුව චයිනා මර්චන්ට් සමාගම හම්බන්තොට වරායේ හවුල් ව්‍යාපාරයක් සඳහා කැමැත්ත පළ කළා. නමුත් වරායේ ආරක්‍ෂක කටයුතු සිදු කළ යුත්තේ ශ්‍රී ලංකාවෙන් බවට මා කොන්දේසියක් පැනවූවා. ඒ අනුව ආරක්‍ෂක කටයුතු ශ්‍රී ලංකාවටත්, වාණිජ කටයුතු පමණක් එම සමාගමටත් ලබාදීමට අප එකඟවුණා. ආදායමක් නොලබන හම්බන්තොට වරායේ නඩත්තු කටයුතු සිදුවෙමින් තිබුණේ කොළඹවරායේ ආදායම් මතයි. ඒ අනුව තව වසරක් පමණක් ගත වුණා නම් කොළඹවරායත් කඩා වැටෙනවා. හම්බන්තොට වරායේ පියවීමට තිබෙන ඩොලර් බිලියන 1100 ක ණය මුදල එකවර ආණ්ඩුවට ලබාදීමටත්, ලැබෙන ආදායම වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම අතර බෙදාගැනීමටත් එහිදී තීරණය කෙරුණා. එමෙන්ම වරායේ සිවිල් අංශයේ පාලන කටයුතුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට භාරදී තිබෙනවා. වරායේ වාණිජ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ හවුල් ව්‍යාපාරය හරහායි.
මේ ආකාරයටම මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුවට විසඳුමක් ලෙස ඉන්දියන් සමාගමක් සමග ගුවන් තොටුපොළ පවත්වාගෙන යාමට අප තීරණය කර තිබෙනවා. ලෝකයේ විශාලම පිහිනුම් තටාකය ලෙස හැදින්විය හැකි නැව් නැති හම්බන්තොට වරායට නැව් ගෙන්වා ගැනීමටත්, මොණරුන් පමණක් පැමිණෙන මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා ගෙන්වා ගැනීමටත් අප කටයුතු කළා.
අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට විශාල දියුණුවක් ඇතිවීමට සූදානම්. මෙම හවුල් ව්‍යාපාරය ඉදිරි වසර දෙක තුළ වරාය දියුණු කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 600 ක් යොදවන බව පවසනවා. එහි වාසිය හිමි වන්නේ හම්බන්තොටටයි. වසර 10 කින් මෙහි දෙවන අදියරත් ආරම්භ වනවා. ඒ වගේම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා ද අපි අනුමැතිය ලබාදී තිබෙනවා. හම්බන්තොටට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් අවශ්‍ය ද නැද්ද ජනතාවගෙන් විමසනවා. එදා පැවසූයේ ඉන්ධන ලබාගැනීම සඳහා නැව් හම්බන්තොටට පැමිණෙන බවයි. තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකරන්නේ නැතුව නැව් සඳහා ඉන්ධන ලබාදෙන්නේ කෙසේද? නමුත් අපතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
නැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නැව් තටාකාංගනයක් ඉදිකිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. මේ ප්‍රදේශයට එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් තිබෙනවා. කොළඹින් පිටත පළමු එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදිකරන්නේ හම්බන්තොටයි. සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහාත් මේ වන විට ආයෝජන මණ්ඩලය සමග අප සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම වානේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමටත්, හම්බන්තොට සිට වැල්ලවාය දක්වා කර්මාන්ත කලාප පහක්, හයක් ඇති කිරීමටත් නියමිතයි.
මේ සියලූ කර්මාන්ත ශාලාවල රැකියා කිරීමට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඔබට ලබාදෙනවා. යොවුන් සේනාංක , වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හරහා ඔබට පුහුණුව ලබාදීමට අපි සූදානම්. මේ අනුව කොළඹට
පමණක් දෙවැනි වන විශාල ආර්ථිකයක් ඉදිරියේදී හම්බන්තොටට හිමි වනවා. මත්තල ගුවන් තොටුපොළ දියුණු වූ විට ඉන්දියාව හරහා පැමිණෙන බහුතරයක් හින්දු සංචාරකයන් මත්තලට පැමිණ කතරගම දක්වා ගමන් කරනවා. ඔවුන් මෙහි පැමිණ නතර වන්නේ හෝටල්වලයි. ඒ අනුව කතරගමට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය තුන්, හතර ගුණයකින් වැඩි වනවා. දැනට සතිය පුරා හිස්ව පවතින හෝටල්වල නවාතැන් ගැනීමට පැමිණෙන සංඛ්‍යාව වැඩි වෙනවා. මෙම දියුණුව හම්බන්තොට, මත්තල ආදී ප්‍රදේශවල ඇති වූ විට නව සංචාරක කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ අනුව ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක්, ප්‍රධාන වරායන් දෙකක් රට තුළ ඇති වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ආරුගම්බේ, පොතුවිල්, ඇල්ල ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට අවශ්‍ය නම් මත්තල ගුවන් තොටුපොළ හරහා පැමිණ අවශ්‍ය මාර්ගය පහසුවෙන් තෝරා ගත හැකියි. ඒ අනුව සංචාරකයන්ට විශාල පහසුවක් සැලසෙනවා. අම්බන්තොට ප්‍රදේශයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. ඒ දියුණුව අප ඇති කරනවා. හම්බන්තොට වරාය ණය බරින් ගොඩගත් ආකාරයටම රටේ ආර්ථිකයත් ගොඩගැනීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ හරහා රටේ විශාල ආර්ථික දියුණුවක් ඇති වෙනවා.
අපේ සංවර්ධන සැලසුමේ පළමු අදියර වන්නේ මහනුවර සිට හම්බන්තොට දක්වා නව මහා මාර්ග පද්ධතියක් ඇති කිරීම සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇති කිරීමයි. ඒවා අවට යටිතල පහසුකම් දියුණු කිරීමට අපි කටයුතු කරනවා. වාණිජ කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ සංවර්ධනය කරනවා. එය ඉන්දියන් සාගරයේම වාණිජ මධ්‍යස්ථානය කිරීම අපේ අරමුණයි. ජපාන ආධාර යටතේ මහනුවර නගරය දියුණු කරනවා. මහනුවරට එක් කර්මාන්ත කලාපයක්, වයඹ කර්මාන්ත කලාප දෙකක් සහ එක් සංචාරක කලාපයක් ඉදිකිරීමට නියමිතයි. මේ වනවිට කළුතර එක් කර්මාන්ත කලාපයක් තිබෙන අතර, රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කිරීමෙන් පසු අවිස්සාවේල්ල ප්‍රදේශයේත් තවත් කර්මාන්ත කලාපයක් ආරම්භ කරනවා. ගාල්ලේ සංචාරක කලාප තුනක් ඉදිකිරීමට නියමිතයි. එම එක් කලාපයක ඉඩ ප්‍රමාණය අක්කර 500 ක් 600 ක් පමණ වෙනවා. ගාල්ලේ ඉදිවන එක් සංචාරක කලාපයක ඉඩ ප්‍රමාණය අක්කර 1800 ක්. එය ප්‍රමාණයෙන් මාලදිවයිනේ දූපත්වලටත් වඩා විශාලයි. වැලිගම චාලිමන්ට් වත්තේ තවත් වෙළෙඳ කලාපයක් ආරම්භ කරනවා. තංගල්ලේ සංචාරක කලාපයක් ආරම්භ කරනවා.
මෙවැනි විශාල කර්මාන්තකරණයක් ශ්‍රී ලංකාවේ ඇති වන්නේ 1977 න් පසුවයි. දැන් බියගම ඇති වී තිබෙන සංවර්ධනය දෙස බලන්න. එම ප්‍රදේශයේ ජනගහණය කොළඹජීවත් වන ජනගහණයටත්වඩා විශාලයි.
මේ ප්‍රදේශයට තවත් ජලය ලබාදීමට අපට සිදුව තිබෙනවා. හම්බන්තොට දියුණුවේදී අපි කෘෂිකර්මාන්තයත් අමතක නොකළ යුතුයි. ජනගහණය වැඩි වන විට ආහාර අවශ්‍යතාවය ද වැඩි වනවා. ශ්‍රී ලංකාවේ වී වගා කිරීමේ ප්‍රදේශ ආරම්භ වන්නේ උඩවලවේ සිට කිලිනොච්චිය දක්වායි. එම නිසා උඩවලව, හම්බන්තොට, තිස්සමහාරාමය, මොණරාගල, මහියංගනය, ගල්ඔය සහ ඉන් ඉදිරියට තිබෙන මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශ ආදී වී වගා කරන මේ සියලූ ප්‍රදේශ අපි ආරක්‍ෂා කර ගත යුතුයි.
කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් වී නිෂ්පාදනය, එළවළු නිෂ්පාදනය ඉහළ දැමීමට අපට සිදුව තිබෙනවා. මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික දියුණුවක් සහ කාර්මික දියුණුවක් ඇති වෙනවා.දියුණුව මෙහි ඇති කළ විට රැකියා සඳහා වෙනත් ප්‍රදේශවලට පිටත්වී යෑමට හම්බන්තොට ජනතාවට සිදු වන්නේ නැහැ. රැකියා සොයා පිට පළාත්වල ජනතාව අනාගතයේදී හම්බන්තොටට පැමිණෙනවා. නැව් නැති ,ලෝකයේ විශාලම පිහිණුම් තාටාකය බවට පත්වූ හම්බන්තොට වරාය නැව් පැමිණෙන රැකියා බිහි කෙරෙන වරායක් බවට පත් කෙරෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය