තේ ප‍්‍රතිඅපනයනය හේතුවෙන් මෙරට තේ පිළිබඳව ජාත්‍යන්තරයේ පවත්නා කීර්තිනාමයට සිදුව ඇති හානිය සහ කර්මාන්තයේ සිදුව ඇති බිඳවැටීම හේතුවෙන් තේ ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට පියවර ගන්නා බව
ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
එමෙන්ම ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය හේතුවෙන් ගම්මිරිස් මිල පහත වැටි තිබෙන අතර දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය ද ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා
පැවසීය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (28) බදුල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.