අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, මහබැංකු බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් සභාවේ පැන නැගුණු විවාදයකට පිළිතුරු ලබාදෙමිනි.
බැදුම්කර වාර්තාවේ සියලු වාර්තාවල කිසිදු දෙයක් සඟවන්නට අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන බවත් සියලු වාර්තා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මෙම
වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම කිසිදු දේශපාලඥයකු වෙත ලබා දී නැතැයි ද පාර්ලිමේන්තුවේ දී පැවසීය.