අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැදුම්කර විමර්ශන වාර්තා සියල්ල 23 දා නිලවශයෙන් පාර්ලිමේන්තුවට - විනිවිදභාවයෙන් කටයුතු කරනවා

    ජනවාරි 17, 2018

    මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිෂමේ වාර්තා සහ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිෂමේ වාර්තා සියල්ල පාර්ලිමේන්තු සභාවට නිලවශයෙන් ඉදිරිපත් කිරීම ජනවාරි 23 දින සිදු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (17) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.


    මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිෂමේ වාර්තා 26ක් සහ බරපතල වංචා  දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ
    ජනාධිපති කොමිෂන් වාර්තා 34ක පිටපත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අද දින ලැබුණු බව ද කතානායකවරයා  මෙහිදී දැනුම් දුන්නේ ය.

    මෙහිදී මාධ්‍ය ඇමතූ කතානායකවරයා මෙසේ ද පැවසීය.

    පාර්ලිමේන්තුව විනිවිදභාවයෙන් කටයුතු කරනවා. බැදුම්කර විමර්ශන වාර්තා 26ක් ලැබී තිබෙනවා. ඒවා ඉංග්‍රීසි  භාෂාවෙන් තිබෙන්නේ. පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කිරීමට ජනාධිපති
    කාර්යාලය පියවර ගෙන තිබෙනවා.ජනාධිපතිතුමා පොරොන්දු වූ පරිදි 17 වැනිදා වාර්තා පාර්ලිමේන්තුවට ලබාදුන්නා. වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට නිලවශයෙන් 23 දින ඉදිරිපත් කරනවා. ඉදිරියේ දී මන්ත්‍රීවරුන්ට සහ ජනමාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරනවා. වාර්තාවල පිටපත් තුන් සියයක් මුද්‍රණය කිරීමට කටයුතු කරනවා.

    අප කටයුතු කළේ, සැමගේ අඳහස් විමසලායි. ප්‍රජාතන්ත්‍රවාදීව බහුතර මතය විමසලා, ක්‍රියාත්මක වෙනවා. අනවශ්‍ය ගැටුම් ඇතිකර ගන්න අවශ්‍ය නෑ. 23 වැනිදා පාර්ලිමේන්තුවට යොමු කර අඳහස් ලබා ගන්නවා. පාර්ලිමේන්තුවේ
    ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. ඒ වෙනුවෙන් කටයුතු කරනවා යැයි ද කතානායකවරයා පැවසීය.

    නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, නියෝජ්‍ය මහ ලේකම්,කාර්ය මණ්ඩල ප්‍රධනී නීල් ඉද්දවල මහතා මේ අවස්ථාවට සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya