අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැඳුම්කර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වෙලා-විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව,අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි

    ජනවාරි 10, 2018

    භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වෙලා. රජය හැමවිටම සිදු කළේ, පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව,අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි.2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇති අවභාවිතාවයන් පිළිබඳව කඩිනමින් සෙවීමට ද අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය සහ රජය ඒ සම්බන්ධයෙන් පත් කළ කෝප් කමිටුව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අග්‍රාමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී
    විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේ ය.


    බැඳුම්කර කොමිෂමේ වාර්තාව ජනාධිපතිතුමා වෙත බාර දුන්නා. 2018 ජනවාරි 03 විශේෂ ප්‍රකාශයක් කළා. කොප් වාර්තාව පිළිබඳ අප ගත් පියවර ගරු සභාවට කරුණු පැහැදිළි කිරීමට මේ ප්‍රකාශ කරනවා. මා විසින් ගාමිණි පිටිපන මහතාගේ සභාපතීත්වයෙන් කොමිටියක් පත් කළා. එම වාර්තාව නිර්දේශ කළේ තවදුරටත් විමර්ශනය කළ යුතු බව කිව්වා. මම වාර්තාව සභාගත කළා. ඉන් පසු කෝප් වෙත යොමු කළා. කෝප් විමර්ශනය කළා. ඉන් අනතුරුව කෝප් නිර්දේශ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් විසින් යම් වංචාවක් සිදු කර තිබේද යන්නත්, නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව ක්‍රියාකර ඇත්ත යන්නත්, ඊට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතු ද යන්නත්, එසේ නම්ම්ම් ඔවුන්ට විරුද්ධව ගත හැකි නීතිමය පියවර මොනවාද යන්නත් පිළිබඳව මා අග්‍රාමාත්‍ය ලේකම් මඟින් නීතිපතිවරයාගෙන් විමස සිටියා.

    නීතිපතිතුමා විසින් නීතිඥ මණ්ඩලයක් පත් කළ කටයුතු කරමින් සිටිනවා. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් ගැන සැකයක් තිබෙන බවමහබැංකුවේ අධිපතිවරයා මා වෙත දන්වා තිබෙනවා. ඒ අනුව නීතිපති උපදෙස් ලබාගෙන ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස මා මහබැංක්වේ අධිපතිවරයාට නියෝග කළා. ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාව විගණාකාධිපතිවරයාට යොමු කර තිබෙනවා.

    භාණ්ඩාගාර නිකුත් කිරීම ක්‍රමවේදය හා ක්‍රියාපටිපාටිය පිළිබඳවත් මහබැංකු බැදුම්කර නිකුත් කිරීම එයින් අලාභයක් සිදුව ඇත්ද යන්න සොයා ගැනීම පිළිබඳවත් ලිඛිතව ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලිඛිතව කරුණු විමසා සිටියා. ජාත්‍යන්තර ක්‍රමවේදයක් ගැන ඔවුන් දැනුවත් නොමැති බව කිව්වා. 2015 මාර්තු මස සිටිම රජය අඛණ්ඩව නිසි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කර
    තිබෙනවා. ජනාධිපති කොමිෂමක් පත් කළා.

    මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතු සීම කරමින් හා සමාගම සතු මුදල් බැහැර කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කළා . 2017 ජූලි 6 වන දින සමාගමේ ව්‍යාපාර කටයුතු තහනම්
    කළා. ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව බිලියන 11 අලාභ වී ඇති බව වාර්තා වී තිබෙනවා. රජයට අලභායක් සිදු වී ඇත්නම් එය පියවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව,අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ලබාදීමට හැකි වුණා. අවුරුදු 10කට පසු රටේ මූල්‍ය පානය හා
    අධීකෂණය ආපසු පාර්ලිමේන්තුව වෙත ලබාදීමට හැකි වුණා.

    අවභාවිතයන් පිළිබඳව කඩිනමින් සෙවීමට අදාළ අංශවලට මා උපදෙස් ලබා දී අවසන්.එම සියලුම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට අප කටයුතු කරනවා. එය කඩිනමින් සොයන්න උපදෙස් ලබාදී අවසන්. 2008
    -2014 බහුතරයක් බැදුම් කර නිකුත් කිරීම තුළ විනිවිදභාවයක් තිබුණේ නෑ. මෙම කාලය තුළ 90%ක වඩා පෞද්ගලික සෘජු බැදුම් කරයි. මේ කාලයේ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුයි. 2008 - 2014 බැදුම් කර නිකුත් කිරීම පරීක්ෂණ සිදු කිරීම ගැන මුදල් මණ්ඩලයේ සභාපති සමඟ සාකච්ඡ කරනවා.

    අද බැදුම් කර ප්‍රශ්නය ඇතැම් අයට දේශපාලන ප්‍රශ්නයක් වෙලා. අප සත්‍ය සොයාගෙන අවශ්‍ය කටයුතු කරමු. ජනාධිපතිතුමා හා මම අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න කටයුතු කරනවා. පසුගිය ආණ්ඩු සමයේ දී මෙන් ම වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර නීතියේ ආධිපත්‍ය පාගා දමන්නට අප සූදානම් නැහැ. සමාජ සාධාරණත්වය වලලා දමන්නට සූදානම් නැහැ.ණය උගුලකට හසු වූ රටක් බාර ගත්තේ. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බිය වැද්දූ රටක් බාර ගත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අප කැපවෙනවා. ජනාධිපතිතුමා හමුවී දැනුවත් කර කොමිටියේ වාර්තාව ලබාදීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.බොරු වලවල්වලට නොවැටී මං මුලා නොවී ඒ ගමන් මඟ ඉදිරියට ගොස් ශීලාචාර ආණ්ඩුවක් සාධාරණ සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහිකරලීම සඳහා අප ඇපකැප වන බව අවසන් වශයෙන් සඳහන්
    කරන්න කැමැතියි.

     

    සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- එකාබද්ධය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවාදය ඉල්ලුවා ඒ අය සූදානම් නෑ. විවාදයක් ඉල්ලුවා සූදානමක් නැතිව.


    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක- ඊයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවූවා. මේ පිළිබඳ සාකච්ඡා කරන්න පකශ නායක රැස්වීමක් අවශ්‍ය බව. එකඟ වුණා. මේ වාර්තාව පිළිබඳව හා පරීක්ෂණ 34 ගැන විවාදයක් කළ යුතු බව. දැන් කොමිෂන් වාර්තාවේ යම් සාරාංශයක් ජනපතිතුමා රටට හෙළි කර තිබෙනවා. පාර්ලිමේන්තුවට සඟවන්නේ නැතිව වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවට සභාවට ඉදිරිපත්
    කළ යුතුයි.සඟවා තිබීම යුක්තිසහගත නෑ

    කතානායක කරූ ජයසූරිය මහතා- සතියක් ඇතුළත වාර්තාව ලබාදෙනවා

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- කොමිෂන් සභාවේ විමර්ශන ජනමාධ්‍ය දිනපතා පළ වුණා. පාර්ලිමේන්තුව රැස්වෙන්න ඔබතුමාට කිව්වා. ජනාධිපතිතුමාට ලිව්වා,වාර්තාවේ පිටපතක් දෙන්න කියලා.මූල්‍ය
    බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවා.පක්ෂ නායක කොමිටිය රැස් වුණා. බැදුම් කර කොමිෂමේ වාර්තාව සභාගත කරන්න කියා ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව අභිබවා කටයුතු කිරීම රාජ්‍ය නිලධාරීන්ට නොහැකියි. පාර්ලිමේන්තුවේ සුවිශේෂී බලය පාවිච්චි කර අද වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ඒමේ බලය කතානයකතුමාට තිබෙනවා. වාර්තාව සභාගත කරන්න.

    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

    දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව කැඳවන්න හැකිදැයි විමසුවා. පක්ෂ නායකයින් ඉල්ලා තිබෙනවා කියලා හදිසි රැස්වීමක්. අපිට ඡන්දයක් තිබෙනවා.ඒ නිසා මන්ත්‍රීවරු කැඳවීම ලැහෙසි නෑ.කොහොමත් ප්‍රකාශයක් කරන්න ඕන, කියලා. අපි බඳදා කැඳවලා, තව පියවර පක්ෂ නායකවරුන්ගෙන් අහන්න ඕන කියලා, බැදුම්කර වාර්තාවයි. දූෂණ පිළිබඳ වර්තා දෙකක් තිබෙනව. එය ජනාධිපතිතුමාගේ අභිමතය ඉදිරිපත් කරනවා කියලා.පිටිපන කොමිටිය පත් කළා. වාද කරල, තමයි මේක ගෙනාවේ. පොදු මුදල් පිලෛබඳව වගකීම තියෙන්නේ මේ සභවටයි. මේ විවාදය සාකච්ඡ කරන්න විවාදය කොහොමද ගෙන යන්නේ කියලා, සකච්ඡා කළ හැකියි.14 වගන්තිය යටතේ කැඳවන්නේ අගමැතිවරයා. මම ප්‍රකාශයක් කරනවා කිව්වා.කතානයකවරය තීරණය කළා.


    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා-පොදු එකඟතාවයක් තිබුණා.මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි කියලා.මේ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර විවාදයට ලක් කළ යුතුයි. රජයේ මුදල්
    සම්බන්ධ කාරණයක්. පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා. මේ මුදල් ජනතාවගේ මුදල්, ඒ නිසා ජනතාවට අයිතියක් තිබෙනවා.

    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- අප කෝප් වාර්තාව යටතේ කළ දේ සාකච්ඡා කළ යුතුයි. විවාදය ගැන තීරණය කළ හැකියි. වාර්තවේ පිටපත් ලැබුණු වහාම විවාදය ගැන තීරණය කරන්න පුළුවන්.


    කතානායක කරූ ජයසූරිය මහතා- මමත් යෝජනා කළා මේ අවස්ථාව ලබාදීම හොඳයි කියලා. ඉල්ලීම අනුව පාර්ලිමේන්තුව කැඳවූවේ. දිනය යෝජනා කළේ අගමැතිවරයා. වාර්තාව ලැබුණාම ඉදි කටයුතු කළ හැකියි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා- ප්‍රධාන ලේඛනය අප ඉදිරියේ නොමැතිව, සාකච්ඡාව අපට කිරීමට නොහැකියි. සභාව තුළ හිතුමතේ ප්‍රකාශ කිරීමට ඉඩක් නෑ.

    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- පාර්ලිමේන්තුව කැඳවන්නේ විශේෂ හේතුවකටයි. මම ප්‍රකාශයක් කරන්නම්. එතැන සිට වාද කරන්න පුළුවන්. නැතිනම් ගත යුතු පියවර සාකච්ඡා කරන්න පුළුවන්.මට විරුද්ධව චෝදනා අහන්න කතා කළාම කියනවා චෝදනා නැ කියලා.

    කතානායක කරූ ජයසූරිය මහතා- මේ වාර්තාව ලබන සතියේ ලබාදෙනවා. ජනාධිපතිතුමා ලබන සතියේ දෙනවා කිව්වා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා- අපි පාර්ලිමේන්තුව කැඳවන්න යෝජනාව කළේ වාර්තාව ලබාදීමේ අරමුණින්. සතියකින් ලබාදීම පිළිගන්න බෑ. මැතිවරණයෙන් පස්සට ඇදීමේ සැලසුමක්.ජනාධිපති
    ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන්න.

    අගමති රනිල් වික්‍රමසිංහ මහතා- පළමුවෙන් කබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. මම ජනාධිපතිතුමා සවස හමුවෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා-නීතිපතිවරයාගේ වාර්තාව සභාවට ඉදිරිපත් කළ හැකියි. වාර්තාව සභාගත කළ යුතුයි.ඊට පසුවයි සභාවේ කටයුතු තීරණය කළ හැක්කේ. ඕනෑම නිලධාරියෙක් කැඳවන්න,අග්‍රාමාත්‍යවරයාට පුළුවන්. වාර්තාව සභාගත කරන්න.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya