අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ශක්තිමත් මිත්‍රත්වයක් තබාගැනීමට හැකිවී තිබෙනවා

    ජනවාරි 09, 2018

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර දේශපාලන හා අර්ථික වශයෙන් ශක්තිමත් බැදියාවක් සහ මිත්‍රත්වයක් තබාගැනීමට හැකි වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මිත්‍රත්වය සමරමින් දෙරට අතර ආර්ථික,සමාජීය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා  පැවැති සම්මේලනයකට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.

    සැමරුම් සම්මේලනය අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජපානයේ හොන්ගංජි පදනමේ සභාපති පූජ්‍ය  Most ven.Chohjun Ohtani නාහිමිපාණන් වහන්සේ සහ ජපාන ශ්‍රී  ලංකා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික දේශපාලන සබඳතාව සඳහා පදනම වැටී තිබුණේ දෙරට අතර පැවැති  සංස්කෘතික සබඳතාවයයි.ජපානයට විශිෂ්ඨ ඉතිහාසයක් පවතිනවා. ශ්‍රී ලංකාව හා ජපානය අතර දීර්ඝ කලීන ශක්තිමත් සබඳතවයක් පවතිනවා.දෙරට අතර දේශපාලන හා අර්ථික වශයෙන් ශක්තිමත් බැදියාවක් තබාගැනීමට හැකි වී තිබෙනවා.හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ දී ශක්තිමත් මිත්‍රත්වයක් ජපානය සමඟ ඇතිකරගත්තා.දේශපාලනික හා ආර්ථික වශයෙන් දියුණුවක් ලබාගැනීමට ජපානය සමඟ තාක්ෂණික හා විද්‍යාත්මක ලෙස එක්ව ගමන් කළ යුතුයි. ජපාන අග්‍රමාත්‍ය ෂිංසූ අබේ ( Shinzo Abe ) මහතා ශ්‍රී ලංකාවේ හොඳ
    මිත්‍රයෙක්.

    ජපාන රජය, ආර්ථික සංවර්ධනයේ දී අවස්ථා රැසකදී අප වෙත අනුග්‍රහකත්වය ලබාදී තිබෙනවා.ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අරමුණයි. ඉදිරියේ දී දේශපාලන සම්ප්‍රදායන්
    ශක්තිමත් කරගැනීමට පාර්ලිමේන්තු මට්ටමින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.


    මෙහිදී අඳහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා-

    ජපාන නියෝජිත පිරිස මේ අවස්ථාවට එක්වීම ගැන ස්තූතිවන්ත වෙනවා.ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වයක් පවතිනවා. මෙම ''Departure to the future of Sri Lanka and Japan'' තේමාව යටතේ අද
    පැවැත්වෙන සම්මන්ත්‍රණයේ දී එය තවදුරටත් ශක්තිමත් වෙනවා. දෙරට අතර වසර 65ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පවතිනවා.1951 දී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඓතිහාසික ප්‍රකාශයක් සිදු
    කළා.ජපානය වෙත සාමය හා සමෘද්ධිය ළඟා කරගැනීමට මෙම ප්‍රකාශය ඉවහල් වුණා.

    ශ්‍රී ලංකාව ප්‍රධාන පක්ෂ දෙකක නායකයන් දෙදෙනා එකතු වී ජාතික රජයක් බිහි කොට තිබෙනවා. ඉතාම අවබෝධයෙන් නායකයින් කටයුතු කරනවා. මෙම නායකයන්ට ඇත්තේ පොදු න්‍යාය පත්‍රයක්. ඒ අපගේ රට සත්‍ය හා සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගොඩනැංවීමයි.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Kenichi Suganuma මහතා- හැත්තෑවසරක නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ විරුවන් ඉතාමත් ගෞරවයෙන් සිහි කරනවා.වසර 65කට වඩා ශ්‍රී ලංකාව සහ ජපානය තර ඉතාමත්
    කිට්ටු මිත්‍රත්වයක් පවතිනවා.සංවර්ධනයේ දී ජපානය විශාල දායකත්වයක් ලබදී තිබෙනවා.ආර්ථික සංවර්ධනයේ දී පමණක් නොව ජාතික සංහිදියාවේ දී ද ජපානය සහයෝගය ලබාදෙනවා.නව පිටුවක් පෙරළමින් දෙරට අතර
    ශක්තිමත් පදනමක් ඇති වන බව විශ්වාස කරනවා.

    මෙහිදී අඳහස් දැක්වූ ජපාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති Takeshita මහතා- ආර්ථික සාමාජීය සංවර්ධනයේ දී ජපානය දායකත්වය ලබදී තිබෙනවා, කොළඹ ක්‍රමය වැනි සංවර්ධන ව්‍යාපෘති තුළින්. ජපානය, සංවර්ධනය සඳහා යටිතල පහසුකම් ලබාදී දායක වී තිබෙනවා. ආපදා අවස්ථාවේ දී ජපානයට තේ ලබාදීමට කටයුතු කළා. පසුගිය ගංවතුර ආපදාවේ දී ශ්‍රී ලංකාව වෙත හදිසි ආපදා සහන කණ්ඩායම් එවීමට
    කටයුතු කළා.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, වැවිල් කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානයක මහතා- මෙය සුවිශේෂී අවස්ථාවක්.ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතිනවා.අපේ රටට විශාල දායකත්වයක් ලබාදුන් රටක් ජපානය.ජනධිපති ජේ.ආර්. ජයවර්ධන මහත කළ ප්‍රකාශයේ පසු ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයෙන් දොරටු විවෘත වුණා. එහි ප්‍රතිඵලයක් තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය.

    මේ අවස්ථාවේ දී ජපාන නියෝජිතයන් විසින් සමරු තිළිණ  අග්‍රාමාත්‍යවරය වෙත සහ කතානායකවරය වෙත ප්‍රදානය කිරීම සිදු කළේ ය.


    මේ අවස්ථාවට  ජපාන විශේෂ නියෝජිත පිරිසක්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා, අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රුවන් විජයවර්ධන මහතා, ඒ.එච්.එම්.පවුසි මහතා,ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධරීහු විශාල පිරිසක් ඇතුළු ශ්‍රී ලංකා ජපාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීහූ සහභාගී වී සිටියහ.

     

    073A1986

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya