අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

    දෙසැම්බර් 29, 2017
     
    බෞද්ධ පුනරුදය උදෙසා ශ්‍රී ලංකාව විසින් සිදුකරන මෙහෙය පිළිබඳව  සිය ප්‍රසාදය පළකරමින් විදේශ රටවල් කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ආශීර්වාද පළකළහ.
     
    ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.
     
    තායිවානය, සිංගප්පූරුව, කොරියාව, කැනඩාව, ඇමරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, හොංකොං, ජපානය, වියට්නාමය, මියන්මාරය, ජර්මනිය, ඉතාලිය, ස්විඩනය, නවසීලන්තය යන රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට එක්ව සිටි අතර මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණ වැවේ ධම්මරතන මහනාහිමිපාණන් ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    මෙහිදී එම භික්ෂූන් වහන්සේලා සමග සමූහ ඡායාරූපයකට ද ජනාධිපතිවරයා එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya