මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්නැයි අගමැති උපකුලපතිවරුන්ගෙන් ඉල්ලයි

    දෙසැම්බර් 15, 2017
    විශ්වවිද්‍යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත ඊයේ (14) දින උපදෙස් ලබාදුන්නේය.
     
    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට එදා ජාත්‍යන්තරයේ හිමි වී තිබූ තත්ත්වය මේ වන විට පහත වැටී ඇති බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නැවතත් ජාත්‍යන්තර මට්ටමට ගෙනඒම සෑම උප කුලපතිවරයෙකුගේම වගකීම බව ද අවධාරණය කළේය.
     
    වර්තමානයේ විශ්වවිද්‍යාලවල පවතින ගැටළු හා අනාගත උසස් අධ්‍යාපන සැලසුම් පිළිබදව, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සහ විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (14) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.  
     
    විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන නවකවදය තුරන් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් විශ්ව විද්‍යාලවලට අලූතින් සේවකයින් බඳවා ගෙන හෝ නවකවදය තුරන් කර සිසුන්ට නිදහසේ සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. එසේම විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයට නොව අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. 
     
    පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ ක්ෂේත්‍ර පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත්, විදේශ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් හවුල් අධ්‍යයන පාඨමාලා හඳුන්වාදීමටත් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය හරහා දේශීය විශ්වවිද්‍යාල විදේශයන්හි ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසට ද දන්වා සිටියේය. 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya