නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනපතිට ආරක්ෂාව සපයා තිබෙනවා- අග්‍රාමාත්‍ය

    දෙසැම්බර් 08, 2017

    හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනධිපතිතුමියට ආරක්ෂාව සපයා දී ඇති බවත් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    හිටපු ජනාධිපතිවරයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරක්ෂක නිලධාරීන් 154ක් ද හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරක්ෂක නිලධාරීන් 61ක් ලබාදී තිබෙන බව පැවසීය.

    තවදුරටත් ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා, බුද්ධි අංශ විසින් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය බව දැන්වුහොත් ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ හැකි බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya