අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කෙරෙනවා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය

    දෙසැම්බර් 06, 2017

    රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කෙරෙන බවත් අස්ථාන බියක් නිලධාරීන් කෙරෙහි ඇති කර රජය පිළිබඳ කළකිරීමක් ඇති කිරීමට ඇතැමුන් උත්සහ කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    ගණකාධිවරු පත්කිරීම දී 500ක හිඟය පිරවීමට කටයුතු කළා. ඉදිරි බඳවා ගැනීමේ දි ඉදිරි පුරප්පාඩු පිරවිය හැකියි. භාෂා පරිවර්තක ප්‍රශ්නය රජයේ සේවයට විශාල ප්‍රශ්නයක්. රජයේ සේවයට බැදෙන්න අකමැත්තක් දක්වනවා. මේ අයගේ වැටුප් පරිමාවන් අඩු  වීම හේතුවක්.අලුත් සේවා ව්‍යවස්ථාවක් හදලා ආකර්ෂණීය වැටුපක් සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා. ඉදිරි කෙටි කාලයේ දී විසඳුමක් ලබාදෙනවා. උසස්වීම් ලබාදෙන්න කටයුතු කරනවා.කළමනාකරණ සේවයට බඳවා ගැනීමේ දී දිස්ත්‍රික් පුරප්පාඩු පදනම් කරගෙන බඳවාගැනීම් සිදු කරන්නේ. 108 මේ වසරේ පරිපාලන සේවයට බඳවා ගත්තා. උතුරු නැඟෙනහිරින් වැඩි දෙනෙක් පත් වුණේ. සාධාරණව දක්ෂතාවට, කුසළතාවට අවස්ථාව ලබාදි තිබෙනවා.

    මේ රජය බලයට පත්වීමේ දී දුන් පොරොන්දුවක් තමයි දූෂණ වංචාවලට විරුද්ධව කටයුතු කරනවා කියලා. ලක්ෂ 14 වඩා ඉන්න රජයේ නිලධරීන් කී දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා ද? වරදක් කර නැත්නම් බිය යුතු නෑ. රජය යම් පරීක්ෂණයක් කරනවා නම් එයට සම්බන්ධ විය යුතුයි. අස්ථාන බියක් ඇති කරගත යුතු නෑ.

    නිලධාරීන් කෙරෙහි අස්ථාන බියක් ඇති කර රජය පිළිබඳ කළකිරීමක් ඇති කිරීමට ඇතැම් අය කටයුතු කරනවා. රජයේ නිලධාරීන්ටත් තම නිවැරැදි බව ඔප්පු කරන්න හැකියාව තිබෙන්න ඕන. විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුවයි.විශ්‍රාම විෂමතාවයට උත්තරක් දුන්නා. චිත්‍රපට සංරක්ෂණයට භාණ්ඩ මිලදී ගනීමට ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. මිලියන 100 වඩා වෙන් කර චිත්‍රපට කර්මාන්තයේ දියුණුවට වෙන් කර තිබෙනවා. චිත්‍රපට කර්මාන්තය කඩා වැටීමක් තිබෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුයි.ලක්ෂ 14ක් වඩා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමක් කරන්න කටයුතු කළා.රජයේ සේවකයන් බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කරමින් යනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයට 570ක් බඳවා ගත්තා. කළමනාකරණ සේවයට බඳවා ගත්තා.කොළඹ නිල නිවාස හදලා නෑ. විජේරාම ප්‍රදේශයේ නිල නිවාස 40ක් හදන්න කටයුතු කරනවා. මොණරාගල හා පොළොන්නරුව මහල් හතරක නිවාස සංකීර්ණයක් හදන්න පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    ගණකාධිවරු පත්කිරීම දී 500ක හිඟය පිරවීමට කටයුතු කළා. ඉදිරි බඳවා ගැනීමේ දි ඉදිරි පුරප්පාඩු පිරවිය හැකියි. භාෂා පරිවර්තක ප්‍රශ්නය රජයේ සේවයට විශාල ප්‍රශ්නයක්. රජයේ සේවයට බැදෙන්න අකමැත්තක් දක්වනවා. මේ අයගේ වැටුප් පරිමාවන් අඩු  වීම හේතුවක්.අලුත් සේවා ව්‍යවස්ථාවක් හදලා ආකර්ෂණීය වැටුපක් සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා. ඉදිරි කෙටි කාලයේ දී විසඳුමක් ලබාදෙනවා. උසස්වීම් ලබාදෙන්න කටයුතු කරනවා.කළමනාකරණ සේවයට බඳවා ගැනීමේ දී දිස්ත්‍රික් පුරප්පාඩු පදනම් කරගෙන බඳවාගැනීම් සිදු කරන්නේ. 108 මේ වසරේ පරිපාලන සේවයට බඳවා ගත්තා. උතුරු නැඟෙනහිරින් වැඩි දෙනෙක් පත් වුණේ. සාධාරණව දක්ෂතාවට, කුසළතාවට අවස්ථාව ලබාදි තිබෙනවා.

    මේ රජය බලයට පත්වීමේ දී දුන් පොරොන්දුවක් තමයි දූෂණ වංචාවලට විරුද්ධව කටයුතු කරනවා කියලා. ලක්ෂ 14 වඩා ඉන්න රජයේ නිලධරීන් කී දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා ද? වරදක් කර නැත්නම් බිය යුතු නෑ. රජය යම් පරීක්ෂණයක් කරනවා නම් එයට සම්බන්ධ විය යුතුයි. අස්ථාන බියක් ඇති කරගත යුතු නෑ.

    නිලධාරීන් කෙරෙහි අස්ථාන බියක් ඇති කර රජය පිළිබඳ කළකිරීමක් ඇති කිරීමට ඇතැම් අය කටයුතු කරනවා. රජයේ නිලධාරීන්ටත් තම නිවැරැදි බව ඔප්පු කරන්න හැකියාව තිබෙන්න ඕන. විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුවයි.විශ්‍රාම විෂමතාවයට උත්තරක් දුන්නා. චිත්‍රපට සංරක්ෂණයට භාණ්ඩ මිලදී ගනීමට ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. මිලියන 100 වඩා වෙන් කර චිත්‍රපට කර්මාන්තයේ දියුණුවට වෙන් කර තිබෙනවා. චිත්‍රපට කර්මාන්තය කඩා වැටීමක් තිබෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුයි.ලක්ෂ 14ක් වඩා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමක් කරන්න කටයුතු කළා.රජයේ සේවකයන් බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කරමින් යනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයට 570ක් බඳවා ගත්තා. කළමනාකරණ සේවයට බඳවා ගත්තා.කොළඹ නිල නිවාස හදලා නෑ. විජේරාම ප්‍රදේශයේ නිල නිවාස 40ක් හදන්න කටයුතු කරනවා. මොණරාගල හා පොළොන්නරුව මහල් හතරක නිවාස සංකීර්ණයක් හදන්න පියවර ගෙන තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya