මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය ව්‍යාපෘතියේ වන්දි කඩිනමින් ගෙවීමට පියවර

    දෙසැම්බර් 06, 2017

    උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මෙතෙක් වන්දි නොලැබූ ජනතාවට නියමිත වන්දි කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව පැවසීය..

    ගැටළු සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා,මේ වනවිට වන්දි  ගෙවා ඇති  සංඛ්‍යාව 1687ක් බව සඳහන් කළේ ය.

    මේ වනවිටත් මිලියන 521 ක මුදලක් ගෙවීම් වශයෙන් සිදු කර ඇතැයි කී අමාත්‍යවරයා, උමා ඔය ජල කාන්දුව අවම කිරීමට කටයුතු කර ඇතැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya